Thursday, 26 December 2024
Ravi Jayawickrama Arachchige

Ravi Jayawickrama Arachchige

Wednesday, 15 June 2022 11:04

ධම්මිකාගමනය

 

1958 වසරේ ආරම්භවූ ශ්‍රී ලංකා - රුසියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව එරොෆ්ලොට් ගුවන් යානා සිද්ධියත් සමඟ බරපතළ දෙදරුම්කෑමකට ලක්විය. එදා මෙදාතුර ගතවූ 64 වසරක කාලය පුරාම රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පැවතියේ ඉතාමත් සුහද රාජ්‍ය තාන්ත්‍රික බැඳීමකි. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය කාලයේ මෙන්ම ඉන් පසුවද මෙම සබඳතාවලින් වැඩි වාසි ලැබුවේ ශ්‍රී ලංකාවයි.

දැනට මෙරට නිෂ්පාදනය කරනතේ වලින් 15% ක් පමණ මිලට ගන්නේ රුසියාවයි. මේ හැර දෙරට අතර සංචාරක හුවමාරුව මෑතක සිට රුසියා ශ්‍රී ලංකා සබඳතාවල ප්‍රබල ඉසව්වක් වී තිබේ. සතිපතා ‘එරොෆ්ලොට්’ ගුවන් යානා තුනකින් කොළඹට රුසියානු සංචාරකයෝ 1000 ක් පමණ පැමිණියහ. එසේම එළඹෙන ශීත කාලයේ එරටින් සංචාරකයන් ලක්ෂ 4ක පමණ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබූ බව ද වාර්තා විය. එහෙත් ‘එරොෆ්ලොට්’ ගුවන් යානා අලකලංචිය නිසා මෙම සියලු‍ ව්‍යාපාර අවස්ථා ඉදිරියේ රතු එළියක් දැල්විණි.

මෙම අර්බුදයට තුඩු දුන් ගුවන් යානය සාමාන්‍ය පරිදි කටුනායකට මගීන් ප්‍රවාහනය කරන යානයකි. එය මෙහි පැමිණි 7 වැනි වාරය මෙය බැව් ද වාර්තා විය. ගුවන් යානය රක්ෂණය කළ අයර්ලන්ත රක්ෂණ සමාගමට ගෙවිය යුතු වාරික හිඟ තබා ඇතැයි කියමින් එම රක්ෂණ සමාගම කොළඹට පැමිණි රුසියානු යානයට එරෙහිව නඩු කටයුත්තක් මෙරටදී ආරම්භ කළේය. ඊට අදාළව වාණිජ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ නිසා ගුවන් යානය දින 5ක් පමණ ගුවන්ගත කළ නොහැකිව කොළඹ රඳවා තැබිණි. මේ සම්බන්ධයෙන් සිදුවූ නීති කටයුතු මෙන්ම ඒවා භාරව ක්‍රියා කළ නීතිඥයාගේ සහ පිස්කල් නිලධරයාගේ අධිවේගී ක්‍රියා කලාපයද මාධ්‍ය විසින් දැඩි ලෙස ප්‍රශ්න කරනු ලැබ තිබේ.

‘එරොෆ්ලොට්’ ගුවන් යානය මෙරට රඳවා ගැනීමට නියෝග කළේ වාණිජ මහාධිකරණය නිසා ගුවන් තොටුපොළ බලධාරීන් යානය රඳවාගත් නමුත් රජය පසුව ප්‍රකාශ කළේ උසාවිය විසින් නිකුත් කරන ලද තහනම් නියෝගය ශ්‍රී ලංකා රජයට හෝ ගුවන් තොටුපොළ අධිකාරියට එරෙහි එකක් නොවන වගය. එය අදාළ ගුවන් සමාගම්වලට පමණක් බලපවත්වන්නේ යැයිද ප්‍රකාශ විය. එවිට මෙය හතරබීරි කතාවක් බවට පත්වූ අතර ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කළ විෂය භාර අමාත්‍යවරයා මෙන්ම අගමැතිවරයාද සඳහන් කර තිබුණේ යානය රඳවා ගැනීම ආණ්ඩුවේ ක්‍රියාවක් නොවන බවය. එය එකී සමාගම් අතර හටගත් නෛතික අර්බුදයක ප්‍රතිඵලයක් බව එම නිවේදන මගින් කියැවිණි.

එහෙත් ලොව පංච මහා බලවතුන්ගෙන් කෙනකු වන රුසියාව අපේ පිළිතුරුවලින් සෑහීමට පත්වූ බවක් නොපෙනිණි. ඔවුන් මොස්කව්හි සිටින ශ්‍රී ලංකා තානාපතිනිය එරට විදේශ අමාත්‍යංශයට කැඳවා මෙම සිද්ධිය ගැන සිය දැඩි විරෝධය මෙන්ම අප්‍රසාදය පළ කළේය. වහාම මෙම ප්‍රශ්නය විසඳන ලෙස ශ්‍රී ලංකාවට අවවාදාත්මක ස්වරයෙන් දැනුම් දී තිබිණි. ශ්‍රී ලංකාව තමන්ගේ අභිමානයට මදිපුංචිකමක් කර ඇති බව රුසියාවේ ප්‍රකාශයෙන් ගම්‍ය විය.

කෙසේ වෙතත් මෙම අර්බුදයේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයේ කිසියම් මන්දගාමී බවක් සහ අලස බවක් පැවති බව පිළිගත යුතුය. සාමාන්‍යයෙන් අපට හිතවත් ප්‍රබල රටක් රජයට පාලනය කළ නොහැකි ක්‍රියාකාරකමක් නිසා පීඩාවට හෝ අවමානයට ලක්වන්නේ නම් දෙරට අතර සුහද බව රැකගන්නට පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික සම්මතයන් ඕනෑ තරම් ඇත. ශ්‍රී ලංකා ජනාධිපති රුසියානු ජනාධිපතිට දුරකතනයෙන් අමතා කරුණු දැක්වීම එක් ක්‍රමයකි. එසේත් නැතිනම් මෙරට විදේශ අමාත්‍යවරයා රුසියාවට ගොස් එරට බලධරයන්ට කරුණු පැහැදිලි කිරීම තවත් ක්‍රමයකි. වත්මන් රජය මේ කිසිවකට උනන්දු වූ බවක් නොපෙනිණි. ගුවන් යානයට අදාළ වාරණ නියෝගය උසාවිය ඉවත් කරන ලද දවසේ අධිකරණ අමාත්‍යවරයා රුසියානු තානාපතිට තත්ත්වය පැහැදිලි කළ බව පසුව ප්‍රකාශ විය. එය සිදුවූයේද බෙහෙවින් පමා වී ය.

එහෙත් මෙහිදී රජය අමතක නොකළ යුතු කරුණු ගණනාවක් තිබේ. පසුගිය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී බටහිර රටවල් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනාවලින් දමාගසද්දී අපේ පිහිටට ආවේ රුසියාව සහ චීනයයි. රුසියාව මෙරටින් කරන මිලදී ගැනීම්වලට අමතරව ශ්‍රී ලාංකික දරු දැරියන් දහස් ගණනකට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දී තිබේ. එසේම පසුගිය කොවිඩ් වසංගත කාලයේ ශ්‍රී ලංකාවට ‘ස්පුට්නික්’ එන්නත සපයා දීමෙන් කරන ලද උපකාරය ද අමතක කළ නොහැක.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඉතාමත් හොඳ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවතියේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයේය. එවකට පැවති සෝවියට් පාලනය මෙරටට දැවැන්ත කම්හල් ගණනාවක් තෑගි කළේය. තවත් සංවර්ධන ව්‍යාපෘති රැසකට උදව් පදව් කළේය. ජාත්‍යන්තර ප්‍රශ්නවල දී සැමවිටම ශ්‍රී ලංකාව රුසියාවටත් රුසියාව ශ්‍රී ලංකාවටත් සහාය විය. මේ නිසා දෙරට අතර ඉතා ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගිණි. මෑතක ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට නතුවෙමින් තිබියදී වත්මන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එරට වැසියන්ට ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු රටක් ලෙස නිර්දේශ කළේය.

එවන් යහපත් සබඳතා තිබූ අප දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙවැනි සංවේදී සිදුවීම් මගින් අඩාල නොවන තැනට කටයුතු කිරීම බලධරයන්ගේ වගකීමය. මෙරට රඳවාගෙන තිබූ ගුවන් යානය නිදහස් කළ සැණින් රුසියානු විදේශ අමාත්‍යංශය අපට ස්තූති කරමින් ප්‍රකාශයක් ද නිකුත් කර ඇති බැවින් දෙදරා ගිය සබඳතා ඉදිරි කාලයේදී හෝ යහපත් ලෙස නඩත්තු කොට මිතුරන් පසමිතුරන් කර නොගෙන ඔවුන් රැකගැනීම රජයේ බලධරයන්ගේ යුතුකම හා වගකීම බව සනිටුහන් කරමි.

Wednesday, 08 June 2022 05:49

නඩූ තීන්දුව

Wednesday, 08 June 2022 05:47

බෑ බෑ මට යන්න බෑ

 

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට ගෙවිය යුතු වැටුප් සහ දීමනා මේ වසරේ ජූලි 10 වැනිදාට පෙර ගෙවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අදඅභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දී ඇත.

 සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ප්‍රතිඥාව ලබා දුන්නේ කාන්තා රෝගීන් වන්ධ්‍යාකරණයට ලක් කිරීම සම්බන්ධයෙන් මතභේදයට තුඩුදුන් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට අනුවය.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට අනිවාර්ය නිවාඩු කාලය සඳහා මූලික වැටුප, අතුරු දීමනාව, ජීවන වියදම සහ විශ්‍රාම වැටුප වෙනුවටදීමනාව ගෙවිය හැකි බව රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර අධිකරණයට දන්වා තිබුණි.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා හමුවේ මූලික පරීක්ෂණයට සහභාගි වීමටපෙත්සම්කරු කැමැත්ත පළ කළේය.

කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන්සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කරු විසින් නඩුව ඉල්ලා අස්කර ගැනීමට ගත් තීරණයත් සමඟ එය අවසන් කිරීමටතීරණය කර තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන නාරිවේද වෛද්‍යවරයකු වන පෙත්සම්කරු කියා සිටියේ සාධාරණහේතුවක් නොමැතිව සහ නීත්‍යානුකූල බලයකින් තොරව,                  අත්තනෝමතික ලෙස සහ නීති විරෝධී ලෙස තම රැකියාවෙන් තමන්අනිවාර්ය නිවාඩු යවා ඇති බවය.

එහි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව, කුරුණෑගල ශික්ෂණ රෝහලේහිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්.එස්.වීර බණ්ඩාර,                  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වෛද්‍ය එස්.එච්.මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න යන මහත්වරුන් නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටියේ තමා කාන්තාවන් වඳභාවයට පත් කරන කාන්තාවන්ට විෂබීජහරණ ක්‍රියා පටිපාටි සිදු කළ බවට චෝදනාකරන ලද ද්වේෂ සහගත, ද්වේෂ සහගත සහ වාර්ගික               ආරෝපණය කරන ලද ව්‍යාපාරයක ගොදුරක් බවයි.

ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් ඇතුළු නාරිවේද හා ප්‍රසව වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් එම චෝදනා සමකාලීනවවිද්‍යාත්මක නොවන සහ අසත්‍ය බවට විවාද කර ඇති බව පෙත්සම්කරු ප්‍රකාශ කර ඇත.

 
 
 
 
 
 

 මහ බැංකු අධිපතිවරයා ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2014 වසරේ කටයුතු කරමින් සිටියදී සිදුවූ බව කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධයෙන් රුපියල් කෝටියක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ තිළිණ ගමගේ ජුනි 06 (ඊයේ ) නියෝග කළා.  ඇප මත මුදා හැරුණා. තිනියාවල පාලිත හිමි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්  පූජ්‍ය තිනියාවල පාලිත හිමිපාණන් විසින් ගොනු කරන ලද පෞද්ගලික පැමිණිල්ලකට අනුව හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136(1)(අ) වගන්තිය යටතේ ඔහු රටින් පිටවීම වළක්වමින් අධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි. 

2014 වසරේ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරන විට ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ව්‍යාපාරිකයෙකුට මහ බැංකුව හරහා ඩොලර් මිලියන 6.5ක් ගෙවා ඇති බවට පෙත්සම්කරු චෝදනා කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවා ඇති බව පෙත්සම්කරු සඳහන් කළේය

 

අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩුවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට වසර 5කට අත්හිටවූ දෙවසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියම කළේය.

Tuesday, 07 June 2022 02:59

අධිවේගයේ නාටකය

 

අධිවේගයේ නාටකය කියූ සැණෙන් රටේ ලොකු කුඩා කවුරුත් දන්නා සිද්ධියක් අපගේ සිහියට නැ‍ඟෙයි. එක අතෙකින් බලන විට එය රට පුරා ප්‍රචලිත විය යුතු දෙයක් නොවේ. තව අතෙකින් බලන විට එහි බරපතළ තත්ත්වයක් ද තිබේ. කුමක් වුව සමාජමාධ්‍ය අදාළ සිද්ධියට තටු ලබා දුන් අතර පසුව එය ප්‍රධාන ජනමාධ්‍යවලට ද කටගැස්මක් විය. අද වන විට එය ජාතික සංවාදයකට අවශ්‍ය පදනම සකස් කර තිබේ. දේශපාලකයා හා පොලිස් නිලධරයා අතර ගැටුමක් හැටියට එය හැඳින්විය හැකිය. පුද්ගලයන් දෙදෙනාට ම යම් බලයක් තිබේ. ගැටලුව ඇත්තේ ඔවුන් ස්වකීය බලය භාවිත කරන ආකාරය තුළය.

සියල්ලන්ම සිද්ධියට අදාළ ජවනිකා නරඹා ඇතැ’යි සිතන බැවින් එය නැවත නැවත කතාන්දරයක් ලෙස හුවා දක්වන්ට වුවමනාවක් නැත. එහෙත් ආරම්භයක් හැටියට නාටකයේ මුල් ජවනිකාව පමණක් නැවත සිහි කරන්නට කැමැත්තෙමු. දේශපාලකයකුගේ පුත්‍රයෙක් කැබ් රථයක අනාරක්ෂිත ලෙස ශීතකරණයක් පටවාගෙන අධිවේගී මාර්ගයේ ගමන් කරයි. පොලිස් මුරපොළක දී රථය නවත්වන අතර තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට අවසර දිය නොහැකි බව එහි සිටි පොලිස් නිලධාරීහු කියති. එතැන් සිට බහින් බස්වීමක් සිදුවන අතර චුදිත පුද්ගලයාගේ බිරිය ද ගැටුමට සම්බන්ධ වෙයි. එතැන් සිට දේශපාලකයාගේ පුත්‍රයා තම බලය පෙන්වන අතර පොලිස් නිලධාරීහු තම බලය පෙන්වති.

සිද්ධි නිරීක්ෂණය කරන පිරිසක් දේශපාලකයන්ට හා ඔවුන්ගේ හත්මුතු පරම්පරාවට ම බැණ වදිති. තව පිරිසක් පොලිස් දෙපාර්තමේන්තුවට බැණ වදිති. සිද්ධිය දෙස මධ්‍යස්ථ ඇසකින් බලන කෙනකු නැති ගණනය. මේ කාලය වනාහී ජනතාව නීතිය අතට ගැනීමට උත්සාහ දරන පීඩිත කාලපරිච්ඡේදයකි. විශාල පිරිසකට දේශපාලකයන් පෙනෙන්නට බැරි තත්ත්වයක් පවතී. තව අතෙකින් පොලිසිය කෙරෙහි ද අමනාපයක් ජනතාව තුළ තිබේ. පොලිසියට කැමැති අය දේශපාලකයන් වැරැදිකාරයන් කිරීමට උත්සුක වෙති. පොලිසියට අකැමැති අය දේශපාලකයන් නිවැරැදි කිරීමට උත්සුක වෙති. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් පාර්ශ්ව දෙකම නීතිය හමුවේ එක සමානය. පාර්ශ්ව දෙකෙහිම වැරැදි ඇතොත් ඒවාට දඬුවම් හිමි විය යුතුය.

සිද්ධිය තාර්කික විග්‍රහයකට ලක් කළහොත් මහා මාර්ගය නීති විරෝධී ලෙස භාවිත කරන කෙනකුට උපදේශන සැපයීමට, ඔහු අත්අඩංගුවට ගැනීමට හා අවශ්‍ය නම් අවම බලය පාවිච්චි කිරීමටත් පොලිස් නිලධරයාට නීති ප්‍රතිපාදන සපයා ඇත. දේශපාලකයා නීතිය ඉදිරියේ කිසිදු ආකාරයකින් විශේෂ පුද්ගලයකු නොවන අතර ඔහු නීතියට අවනත විය යුතුය. පොලිස් නිලධාරීන්ට ඇහුම්කන් දිය යුතුය. නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය දැක්විය යුතුය. මෙහිදී චුදිතයාට තර්ජනය කිරීමට, හෝ පහරදීමට හෝ අයිතියක් පොලිස් නිලධරයාට නැත. දඩබ්බරකම් කරන චුදිතයකුට පහර නොදී ඔහු අඩපණ කොට අත්අඩංගුවට ගත හැකි උපායමාර්ග පොලිස් අභ්‍යාස විද්‍යාල‍යයේ දී උගන්වයි. පොලිසිය ඒවා භාවිත කළ යුතු අතර මැරයන් සේ ක්‍රියා නොකළ යුතුය. දෙපාර්ශ්වය ම තම තමන්ගේ නිදහසට කරුණු කියන බව පෙනෙයි. දේශපාලකයන්ගේ පාර්ශ්වය කියන හැටියට පොලිස් නිලධාරීන් චුදිතයාගේ කමිස කොලරයෙන් අල්ලා ඔහුට පහර දී ඇත. පොලිස් නිලධාරීන් කියන හැටියට එවැන්නක් සිදු වී නැති අතර චුදිතයා රාජකාරියට බාධා කර ඇත. මෙහි ඇත්ත නැත්ත සොයා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතුය. දැන් එවැන්නක් සිදුවෙයි. සිද්ධියෙන් පසු චුදිතයා හා ඔහුගේ බිරිය සැඟව සිටි බවක් ද වාර්තා වී ඇත. චුදිතයන්ට සැඟවීම සඳහා පහසුකම් සැපයූ කෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත. චුදිත යුවළ නීතිය හමුවට දිරිපත් කරන බව චුදිතයාගේ පියා පවසයි. මේ සෑම පුද්ගලයකුටම ගෞරවනීය ලෙස අදාළ ගැටුම සමථයකට පත් කර ගැනීමේ අවස්ථාව තිබේ. දැන් සියල්ලන්ම ඒ වෙත යොමු විය යුත්තේ පරණ කුණු ඉවත දමමින්ය.

මේ සිද්ධියෙන් උගත යුතු පාඩම් කිහිපයක් තිබේ. එක; දේශපාලකයන් තම උඩඟුකම පසෙකලා සැබෑ මහජන නියෝජිතයන් සේ නීතිගරුකව කටයුතු කිරීමට උගත යුතුය. දෙක; පොලිස් නිලධාරීන් ද තම සීමාවන් දැනගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය. තුන සමාජ මාධ්‍ය වගකීමකින් යුතුව තම කාර්යභාරය ඉටු කළ යුතු බවය. එවිට ලස්සන රටක් අපට හිමිවනු ඇත. ‍

Page 16 of 62