Saturday, 19 October 2024
නව පුවත්

2018 ජනවාරි 01දා සිට සියලු ම විනිසුරුවරුන්ගේ, නිතීපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
 

Posted On Thursday, 21 December 2017 09:23

පළාත් පාලන අයතන 248කට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (21) දහවල් 12.00න් අවසන් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Posted On Thursday, 21 December 2017 09:19

උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාව සඳහා "සංහිඳියාවේ නාලිකාව" නමින් නව රූපවාහිනි නාලිකාවක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මගින් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
 

Posted On Wednesday, 20 December 2017 09:05

දිවයින හරහා ඊසාන දිග මෝසම් ත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ බොහෝ පලාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව නැගෙනහිර, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සමහර ස්ථානවල (මි.මි.75 ට වැඩි) සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැක.
 

Posted On Wednesday, 20 December 2017 09:04

විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
 

Posted On Wednesday, 20 December 2017 09:02