වේවැලෙන් දඩුවම් දීමේ සම්ප්‍රදාය නතර කළ යුතුද?
‘‘වේවැල් කෝටු නාරං සියඹලා අතු’’ යනුවෙන් ආරම්භ වන හතර පද කවියක් තිබේ. පමා නොවී පාසලට එන බව ශපථ කරන දරුවෙකු වේවැල ඇතුළු අතට ගැනෙන ඕනෑම දෙයකින් පහර කා තිබේ. 1742-1777 කාල වකවානුවේ ජීවත් වූ අත්තරගම බණ්ඩාර රාජගුරු රචනා කරන ලදැයි අනුමාන කරන වදන් කවි පොතෙහි මෙම කවිය ඇත. දරුවා හොද පාඩමක් ඉගෙන ගෙන ඇත. වේවැල දඩුවමක් දෙන පැරණි එක ක‍්‍රමයකි. වර්තමානයේ දී එය තහනම් කර තිබේ. සීමාව ඉක්මවා දරුවන්ට තරවටු කරන යුගය අවසන්ය. අවවාදයක් දී, මතක හිටින්නට තැලූවහොත් එයට එරෙහිව අපරාධ නඩුවක් පැවැරිය හැකිය.
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවිය හැකි බව දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
කඩින් කඩ පවතින වැසි තත්ත්වය හේතුවෙන් මදුරු කීට වර්ධනය මේ වන විට ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා රජයේ නිල වෙඩ් අඩවියට අදහස් දක්වමින් පැවසිය.
නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රි ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල 2019 සැප්තැම්බර් 20 සිට 28 වන දින දක්වා ප.ව 5.00 සිට මරදාන,ටවර්හෝල් රඟහලේදි පැවැත්වේ.
තවදුරටත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් පිළිබද පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව, රත්නපුර (කිරිඇල්ල, කළවාන, රත්නපුර සහ ඇහැලියගොඩ කලාප), නුවරඑළිය (අඹගමුව කොරළේ), කෑගල්ල (වරකාපොළ, දෙහිඕවිට කලාප) සහ කළුතර (මතුගම, බුලත්සිංහල කලාප) යන දිස්ත්‍රික්ක වල නායයාම් අවදානම් ප්‍රදේශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.