ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ලියාපදිංචි කර ඇති ණය සංඛ්‍යාව 46,673කි. මේ යටතේ රුපියල් මිලියන 78,621.6ක් වටිනා ණය ලබා දී තිබේ.
“සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු” යන තේමාව යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සතිය අප්‍රේල් මස 01 අද සිට 07 දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
මිනිස් බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන රැකියා පොළ මාර්තු මස 31 වැනි දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
2018 අ.පො.ස(සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල හෙට (28) අලුයම වන විට අන්තර්ජාලයට එක් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා රජයේ නිල පුවත් අඩවියට පැවසිය.
විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට මාර්ගගත ක්‍රමය (ONLINE ) පාසල් විභාග සහා අත්හදා බලමින් මෙවර උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
කල්පිටිය මුහුදු තීරයේ පාරිසරික ආරක්ෂාවත් අලංකරණයත් උදෙසා කඩොලාන වගාකිරීමේ ව්‍යාපෘතියක් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ කල්පිටිය ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ විශේෂ ව්‍යාපෘතිය (21) පෙරවරුවේ කල්පිටිය මුහුදු තීරයේදී පැවැත්විණි.
කෙට්කාලීන සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ ඔසුසල ශාඛා ජාලය පුළුල් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතාට උපදෙස් ලබා දී ඇත.
ඩෙංගු වසංගත තත්ත්වය වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් මාර්තු 21 සහ 22 දිනයන් හී දී පැවැත්වීමට කටයුතු සළසා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.