Wednesday, 23 October 2024

නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Posted On Monday, 14 January 2019 06:48

ශ්‍රී ලංකාවේ මිලියන 21 ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Posted On Monday, 14 January 2019 06:46

මෙම වසරේ ජනවාරි මස සිට වාහන සඳහා කාබන් බද්දක් අය කිරීමට රජය තීරණය කර ඇත. නීල හරිත ආර්ථිකය පදනම් කර ගත් රජයේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ පරිසර හිතකාමී පියවරක් ලෙස පාරිසරික අවදානම අඩු කිරීමේ තවත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

Posted On Friday, 11 January 2019 06:54

2018 වසර සඳහා උසස් පෙළ විභාගයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අද (11) සිට අයදුම්පත් කැඳවන බව විභාග විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පවසයි.

Posted On Friday, 11 January 2019 06:46

2017 වර්ෂයට සාපේක්ෂව 2018 වසරේ ශ්‍රමිකයින් විදේශ ගතවීමේ සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනසක් පෙන්නුම් නොකරන අතර, 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් පහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

Posted On Wednesday, 09 January 2019 08:17