Monday, 21 October 2024

වෙළෙඳ පොළේ පොල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ යටතේ ඇති පොල් වගා කිරීමේ මණ්ඩය මඟින් අරබා ඇති පොල් සහන මිලට බෙදාදීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට පොල්ගෙඩි 36,5024ක් බෙදාදෙනු ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

Posted On Wednesday, 22 November 2017 07:45

ළමයින් ළමා නිවාස ගත නොකොට කැපකරු මාපිය ක්‍රමය යටතේ රැකබලාගැනීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ වඩා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමුව තිබෙන බවත් ළමා නිවාස සංකල්පය, යටත් විජිත සමය තුළ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නද එය වර්තමානය වන විට බ්‍රිතාන්‍යයේ වත් ක්‍රියාත්මක නොවන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
 

Posted On Wednesday, 22 November 2017 07:43

දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන් ම උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ද තැනින් තැන උදය කාලයේ දී ද වැසි ඇති විය හැකිය.
 

Posted On Tuesday, 21 November 2017 07:58

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සති දෙකක් තිස්සේ අක්‍රීය කොට තිබූ විදුලි ජනක යන්ත්‍ර දෙකින් එකක් අද (20) රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
 

Posted On Monday, 20 November 2017 08:58

ගාල්ල ගිංතොට සිද්ධියට අදාළව මෙන්ම වෙනත් සිද්ධීන්වලට අදාළව මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කරවීමේ අදහසින් සිදු කරනු ලබන නොයෙක් අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට දැඩිවම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.

Posted On Monday, 20 November 2017 08:56