යාපනය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක අධ්‍යයන කටයුතු ඊයේ (13) සිට ආරම්භ කොට ඇත. ඒ අනුව කලා, වෛද්‍ය හා නළමනාකරණ පීඨවල අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කොට තිබේ.
වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි නව වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත.
ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම හා ඔවුන්ගේ කායික සහ මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව කි‍්‍රයාත්මක දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ පොළොන්නරුව දිස්ති‍්‍රක් සමුළුව අද (10) පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ නගරබඳ ජීවත්වන වැඩිහිටි ජනගහනයෙන් 50%ක් පමණ පුර්ව දියවැඩියාවෙන් පෙළෙන බව මැතකදී සිදුකල සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි දිවයිනේ සියලු ම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණයට පෙර හෙට (10) සහ 11 යන දෙදින පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට කටයුතු යොදා ඇත.