Thursday, 24 October 2024

 

 

ඉල්ලා අස්කර ගත් අධිචෝදනා වෙනුවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම නව අධි චෝදනා පත්‍රයක් ගොනු කරයි.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම ගත් තීරණයත් සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු දෙදෙනකු දූෂණ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 2022 ජනවාරි 28 වැනිදා නියෝග කළේය. අල්ලස් කොමිසමේ ලිඛිත අවසරය ඇතිව අල්ලස් කොමිසමේ නිලධාරීන් අද මැයි 30

කොළඹ මහාධිකරණයට නව අධි චෝදනා පත්‍රයක් ගොනු කර ඇත.

2012 කාලය තුළ මැතිවරණ කටයුතු සඳහා සමුපකාර තොග වෙළෙඳ ආයතනයේ සේවකයන් යොදවා රජයට රුපියල් මිලියන 8.4ක අයුතු පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන්ය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලංකා සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදීන් මොහොමඩ් සකීර් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම දූෂණ නඩුව පවරා ඇත. අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ මෙම දූෂණ නඩු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හතරක් යටතේ ගොනු කරයි.

Published in නව පුවත්