Tuesday, 22 October 2024
Editor

Editor

තුර්කියේදී අනතුරකට ලක්වීමට ගිය ශ්‍රී ලංකන් එයාර් ලයින් යානයක් අවසන් මොහොතේදී නියමුවාගේ අවධානය නිසා අනතුරකින් බේරුනු බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.

එම සිදුවීම මෙසේ ය.

ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබස්වා ඇත්තේ තුර්කි ගුවන් සීමාවේ සිටියදී බ්‍රිතාන්‍ය එයාර්වේස් ගුවන් යානයක් සමඟ ඇති වීමට ගිය විශාල ගුවන් අනතුරක් වළක්වා ගනිමින්

මගීන් 275ක් සහ කාර්ය මණ්ඩලය රැගත් ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL 504 ගුවන් යානය හීත්‍රෝ නුවරින් කොළඹ බලා ගමන් ආරම්භ කිරීමනේ පසු තුර්කි ගුවන් සීමාවට ඇතුළු වීමේදී අන්කාරා ගුවන් පාලකයන් විසින් UL නියමුවාට යානය අඩි 33,000 සිට අඩි 35,000ක් ඉහළට ගැනීමට දන්වා තිබෙනවා.

කෙසේ නමුත් සුපරීක්ෂාකාරීව සිටි ශ‍්‍රී ලංකන් යානයේ නියමුවා සහ කාර්ය මණ්ඩලය ඔවුන්ට සැතපුම් 15 ක් ඔබ්බෙන් අඩි 35,000 ක් ඉහළින් පියාසර කරන බ්‍රිතාන්‍ය එයාර්වේස් යානයක් හඳුනාගෙන ඇති අතර ඒ වන විටත් ඉහළින් ගුවන් යානයක් ඇති බව අන්කාරා හි ගුවන් ගමන් පාලනයට ඉන් පසුව දැනුම් දී තිබෙනවා.

එය යලි පරීක්ෂා කිරීමෙන් පසු අන්කාරා ගුවන් ගමනාගමන පාලක විසින් ශ‍්‍රී ලන්කන් කපිතාන්වරයාට දන්වා ඇත්තේ ඔවුන්ගේ රේඩාර් පද්ධතියේ අඩි 35,000 ක් ඉහළට කිසිදු පියාසර කිරීමක් අනාවරණය නොවූ බැවින් ශ‍්‍රී ලන්කන් යානයට ඉහලට නැගීමට අවසර දුන් බවයි.

එහෙත් ඒ වන විටත් බ්‍රිතාන්‍යය යානය හඳුනාගෙන සිටි ශ්‍රී ලංකන් එයාර් ලයින් යානයේ ගුවන් නියමුවා ගුවන් යානයේ රේඩාර් නිරූපන යලි පරීක්ෂා කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඉන් පසුව එය හදුනාගෙන ඇති අතර ,ශ්‍රී ලංකන් යානයට ඉහලට නොයන ලෙසට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඉන් විනාඩි ගණනකට පසුවයි.

රජයේ නිලධාරීන්ට වැටුප් රහිත විදේශ නිවාඩු- උපරිම වසර 05ක්- අමාත්‍ය මණ්ඩල අනුමතිය

රාජ්‍ය නිලධාරින්ට සතියේ සිකුරාදා නිවාඩු- අමාත්‍ය මණ්ඩල අනුමැතිය

පොසොන් පෝය දිනය අදයි

ලංකාවිදුලිබලමණ්ඩලයේසභාපතිඑම්.සී.එම්ෆර්ඩිනැන්ඩුමහතාකෝප්කමිටුරැස්වීමේදීජනාධිපතිවරයාසම්බන්ධකරගනිමින්කළප්‍රකාශයහේතුවෙන්ඉල්ලාඅස්වීතිබේ.

ෆර්ඩිනැන්ඩෝගේප්‍රකාශයෙන්ඉක්බිතිජනාධිපතිගෝඨාභයරාජපක්ෂඉන්දියාවේ Adani's සමාගමටටෙන්ඩරයක්ප්‍රදානයකිරීමටලංවිමටබලපෑම්කිරීමේකිසිදුසම්බන්ධයක්ප්‍රතික්ෂේපකරමින්නැවතප්‍රකාශයක්නිකුත්කළේය.පසුවෆර්ඩිනැන්ඩෝසියප්‍රකාශයඉල්ලාඅස්කරගෙනඉල්ලාඅස්විය.

මේඅතරකෝප්කමිටුවනොමගයැවීමසම්බන්ධයෙන්විපක්ෂයපාර්ලිමේන්තුවේදීවරප්‍රසාදප්‍රශ්නයක්මතුකිරීමටනියමිතයි.

ඉන්ධන ලබාගතහැකි ස්ථාන හා ඉන්ධන වර්ග පහසුවෙන් දැනගන්න ක්‍රමවේදයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳුදා වැඩ

සඳුදා රජයේ සියලු පාසල් නිවාඩු දිනයක්

නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කෙරේ