Wednesday, 23 October 2024
Editor

Editor

පෙර පාසල් ඇතුළු මුළු දිවයිනේ ම පාසල් මාර්තු 29 ආරම්භ වෙයි

''ස්පුට්නික්- වී '' එන්නත මිලියන 07ක් මිළඳී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

"හෙළ සළු පියස" පුහුණු මධ්‍යස්ථානයක් පන්නල දී ඇරඹේ

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියෝ අපවත් වෙති

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව කර්මාන්ත අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

කොළඹ මහ නගර සභාව,වරිපනම් බදු ගෙවීමේදී 10% වට්ටම් ලබාදෙන කාලසිමාව මාර්තු 31 දක්වා දිර්ඝ කෙරේ

කොළඹ මහ නගර සභාව වෙත 2021 වර්ෂය සඳහා වරිපනම් බදු ගෙවීමේදී 10% වට්ටම් ලබාදෙන කාලසිමාව මාර්තු 31 දක්වා දිර්ඝ කෙරේ

කොවිඩ් 19 අවදානම පවතින තවත ග්‍රාම නිලධාරී වසම් දෙකක එන්නත්කරණය අරඹයි

 
 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවූ නවතම රට බවට නෙදර්ලන්තය පත්ව තිබෙනවා.

ඒ, සිට රට තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවට නෙදර්ලන්තය ඊයේ ප්‍රකාශ කිරීමත් සමගයි. එන්නත භාවිතයෙන් සිදුවිය හැකි අතුරු ආබාධ පිළිබඳ සැලකිලිමත් වී එම තීරණයට එළඹි බවයි නෙදර්ලන්තය පවසන්නේ.

අවම වශයෙන් මාර්තු 29 වන දා තෙක් පූර්වාරක්ෂාව වෙනුවෙන් එම තීරණය ක්‍රියාත්මක කරන බව ද නෙදර්ලන්තය ප්‍රකාශ කළා.

එන්නත පිළිබඳ කිසිදු සැකයකට ඉඩ දිය නොහැකි බවත්, සියලු දේ නිවැරදිව සිදුකළ යුතු බවත්, නෙදර්ලන්තයේ සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

එබැවින් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීම මේ මොහොතේදී සුදුසුම තීරණය බවයි නෙදර්ලන්තය පෙන්වා දෙන්නේ. කෙසේවෙතත්, මෙම තීරණය හේතුවෙන් නෙදර්ලන්තයේ එන්නත්කරණ වැඩපිළිවෙළට බාධා එල්ල වී ඇතැයි විදෙස් වාර්තා අනාවරණ කළා.

මේ අතර ඉකුත් දා අයර්ලන්තය ද සිය රට තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඒ, එන්නත ලබාගත් වැඩිහිටියන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ නෝර්වේ රාජ්‍යයෙන් වාර්තාවීමත් සමගයි. මේවනවිට රටවල් කිහිපයක්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම රටවල් අතරට ඩෙන්මාර්කය, නෝර්වේ රාජ්‍යය, බල්ගේරියාව, අයිස්ලන්තය හා තායිලන්තය ද අයත්. කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හිටුවීමට තරම් තත්ත්වයක් මේවනතෙක් උද්ගතවී නොමැති බවයි

කොළඹ නගර සීමාවේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කොවිඩ් එන්නත ලබාගැනීමට ස්වයංක්‍රීයව වේලාවක් වෙන්කර ගැනීමට පහසුකම්

පාසල් අද ආරම්භ වෙයි