Tuesday, 22 October 2024
Editor

Editor

 2020.07.30

පාත්ෆයින්ඩර් පදනම ‘‘කොවිඞ්-19 වලක්වාලීම හා පාලනය’’ කෘතිය සිංහලට පරිවර්තනය කරයි
පාත්ෆයින්ඩර් පදනමට අනුබද්ධ චීන ශ‍්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානයෙහි තවත් ප‍්‍රමුඛ පියවරක් වශයෙන් වසංගත රෝග සම්බන්ධ චීන මහාචාර්ය සහ ෂැංහයි හි කොවිඞ්-19 ප‍්‍රතිකාර අංශයේ විද්වත් මණ්ඩල ප‍්‍රධානී, වන් හොංග් ජන්ග් මහතා ඇතුළු මණ්ඩලයක් විසින් පළ කරන ලද ‘‘Prevention and Control of COVID 19’’ කෘතිය, සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. එය ලක්ෂමන සපරමාදු මහතා ගේ පරිවර්තනයකි. චීන තානාපති කාර්යාලයේ දී අද පෙරවරුවේ මෙම කෘතිය නිල වශයෙන් නිකුත් කළ අතර
නිවස, එළිමහන, රාජකාරී ස්ථානය යනා දී වශයෙන් විවිධ තැන් වල දී රෝගය වලක්වා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි ක‍්‍රම විස්තරාත්මකව, හා නිතර විමසන ප‍්‍රශ්න හා උත්තරානුසාරයෙන් මිත්‍යා සහ සැක සහිත තැන් අනාවරණය කර, පොදුවේ අවබෝධ කරගත හැකි පරිදි මෙම කෘතිය සකස් කර තිබේ. මෙය කියවන්නන් ගේ කුතුහලය සංසිදුවන අතර, දැනුම සම්පාදනය කර, කොවිඞ් -19 වසංගතයෙන් ගැලවෙන මග විද්‍යාත්මකව සහ ඉලක්කගතව තොරතුරු සම්පාදනය කර ඇත. ෂැංහයි කොවිඞ් -19 ප‍්‍රවීණ ප‍්‍රතිකාරක කණ්ඩායමෙහි ප‍්‍රධානියා වන මහාචාර්ය ජන්ග්, ෆුඩාන් විශ්ව විද්‍යාලයේ බෝ වන රෝග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වන අතර චීන වෛද්‍ය සම්මානය මෙන්ම, ෂැංහයි විද්‍යා සහ තාක්ෂණ ප‍්‍රගති සම්මානය ලබා ඇති හෙතෙම 2003 වසරේ දී සාර්ස් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමෙහි ද, රෝගය වළක්වාලීම් හා පාලන කි‍්‍රයාවලියෙහි ද නිරත වූයේ ය.
මහජන චීන සමූහාණ්ඩුවේ කොළඹ පිහිටි තානාපති කාර්යාලයේ සහ චින කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාර්යාංශයෙහි ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පාත්ෆයින්ඩර් පදනමට අනුබද්ධ, චීන ශ‍්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානය, මෙම කෘතිය පරිවර්තනය කර ප‍්‍රකාශයට පත් කළ ලද අතර ඒ සදහා ෂැංහයි විද්‍යාත්මක සහ තාක්ෂණික ප‍්‍රකාශකයන්ගෙන් නොමද සහයක් ලැබුණි.

‘‘කොවිඞ්-19 වලක්වාලීම හා පාලනය’’ කෘතියෙහි මෘදු පිටපත ඔබට https://bit.ly/3hCJQIZ  දිගුවෙන් කියැවිය හැකිය.

 

සටහන  : ගාමිණී සරත් ගොඩකන්ද

sannasa.ord_30-07-2020_0016_Copy.JPG


sannasa.ord_30-07-2020_007_Copy.jpg

sannasa.ord_30-07-2020_008_Copy.JPG

sannasa.ord_30-07-2020_010_Copy.jpg

මහමැතිවරණය- 2020 ලබන සඳුදා ගෙයින් ගෙට ගොස් අත් පත්‍රිකා බෙදීම නවතයි

2020 වසරේ ඔක්තෝබර් මස 11 වැනි දින පැවැත්වෙන පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට රට තුළ උද්ගත ව පැවති තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට සිදුවූ බලපෑම හා පීඩනය කෙරෙහි සාධාරණ සහ මානුෂීය ලෙස අවධානය යොමු කරමින් සහනශීලීව කටයුතු කරන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

සති අන්තයේ දිර්ඝ නිවාඩුක් හෙට (31) සිට ආරම්භ වන අතර 05 වන දාට පැවැත්විමට නියමිත මහා මැතිවරණය හේතුවෙන් ගම්බිම් බලා යන මඟි ජනතාව සඳහා තදබදයකින් තොරව යාම සඳහා පිට කොටුව මධ්‍යම බස් නැවතුමෙන් අතිරේක බස් රථ 100කට වැඩි ප්‍රමාණයක් යෙදවිමට සැලසුම් කර ඇතැයි පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.ඒ.එච් පණ්ඩුක මහතා රජයේ නිල පුවත් අඩවියට පැවසීය.

කොවිඩ් -19 වසංගත තත්වයෙන් පසුව අගෝස්තු මස 10 සිට ප්‍රාථමික ශ්‍රේණි ඇතුළු සියලු ම ශ්‍රේණි ආරම්භ වන අතර දරුවන් කාණ්ඩ වශයෙන් පාසලට ගෙන්විමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමති ඩලස් අලහප්ලෙරුම මහතා සඳහන් කරයි.

ඊයේ (29) අධ්‍යාපන අමාත්‍යාංශටය් දි පැවැති මාධ්‍ය හමුවක දි මේ බව පැවසිය.

 පාසල් 11

තාවකාලිකව නවත්වා තිබූ අනුරාධපුර, රාජාංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය ජූලි 29 වැනි බදාදා ( අද) පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්.බී.එම්. සුෆ්යාන් මහතා සඳහන් කරයි.

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන්ම නිරිත දිග ප්‍රදේශයෙන් පවතින වැසි තත්වය තරමක වැඩිවීමක් ඉදිරි දින කීපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

පවතින වර්ෂා සහිත කාලගුණය සමග දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකම ඩෙංගු රෝගීන් වැඩි වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

දිවයිනට ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මන්නාරම සිට හලාවත, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැකි බවත් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.


JULY 27, 2020
කොළඹ මල් ඇති පාර කුමක්දැයි කොළඹ ගැන නොදත් අයකුගෙන් ඇසුවහොත් කියනු ඇත්තේ මල්වත්ත පාර කියාය. කොටුව ස්ටේෂම ඉදිරිපිට ඇති මල්වත්ත පාරේ නම් එක මලක් තියා පොහොට්ටුවක්වත් නැත. බේතකටවත් සොයා ගත හැක්කේ කයි කරත්තයකට හේත්තු වී මලක් උරන නාට්ටාමි කෙනකු පමණි. එහෙත් කොළඹ ස්වභාවික මල් ඇති පාරක් ඇත. ඒ ඩීන්ස් පාරයි. ඩීන්ස් පාර කියන්නේ කොළඹ ඇස් රෝහල ඉදිරිපිටින් දිවෙන මාර්ගයයි. මේ මල්කඩ පිහිටියේ හරියටම ඇස් රෝහලට මුහුණලාය.

මෙහි ඇති මල් අලෙවිසල් ගණන දුසිමකට අඩුවන්නේ එකකිනි. ලාල්, සන්ෂයින් සීලනි, විජයගිරි, ජයසිරි, ජයරත්න, නිහාල්, චමින්ද, ජයන්ත, ඕරල් සහ ආසිරි ආදී නම්වලින් ඇති මේ අලෙවි කුටි බොහොමයක වෙළෙඳ නාමයන් සමග ඇත්තේ ෆ්ලෝරා හෝ ෆ්ලොරිස්ට් යන නාමයයි.

මේ මල් අලෙවිසල් අතරින් සැරිසරද්දී මේ මල්වලින් ගන්නා ඵලප්‍රයෝජන අපට දැකගත හැකිවිය. මිනිසකුගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථාන තුනේදීම මල් නැතිවම බැරිය. එයින් අඩුවෙන්ම මල් භාවිතා කරන්නේ බිලිඳකු උපන් විටය. අලුත උපන් බිලිඳාගේ උප්පත්තියට සුභ පැතුමක් ලෙස මල් කළඹක් තොටිල්ල අසලින් තැබීම ඉහළ තානාන්තරවල උදවිය අදටත් කරන සිරිතකි.

ඩීන්ස් පාරේ මෙම මල් අලෙවිසල්වලදී බොහෝ ඒවායේ විශාල කරන ලද මල් විලාසිතා පුවරු සවිකර තිබුණේ මඟුල් ගෙවල් සහ හෝම් කමින් සඳහා අවශ්‍ය මල් විලාසිතාවන්ය. මනමාලයාගේ කෝට් එකේ ගහන මල්, මනමාලියගේ මල් කළඹ, මනාලිය හිසේ රඳවන මල්, මල් කුමාරයා හා මල් කුමාරිය සරසන මල් ඒ අතර වෙයි. මංගල පෝරුව සරසන්නට ගන්නා මල් ඉතා විසිතුරු හා මිල අධික ඒවා වේ. සෙට්බැක් එකට ගන්නා මල් පෝරුවට ගන්නා මල්වලට වඩා ඩිංගිත්තක් මිලෙන් අඩුය. මඟුල් ගෙවල්වල අලුත්ම ට්‍රෙන්ට්එක ලෙස මේ මල් අලෙවිකරුවන් අපට පෙන්නුවේ වෙඩින් වාහනය ස්වභාවික මලෙන් සැරසීමයි. අතමිට ඇති පරිදි සමහර වාහන සරසන්නට ලක්ෂයකට අධික මුදලක් මල් වලට වැය කර ඇති අවස්ථා අප දුටුවේ එහි තිබූ ඇල්බම් එකකිනි.

මේ මල් අලෙවිසල්වල ප්‍රධාන වශයෙන් මල් මිලදී ගන්නා ගැනුම්කරුවන් වන්නේ ඉහළ පෙළේ තරු පහේ හෝටල්ය. කොළඹ හා තදාසන්න ඉහළ තත්ත්වයේ කාර්යාලවල පිළිගැනීමේ නිලධාරිනිය අසල තබන මල් කළඹක් කදිමට සකසා ගන්නට ඩීන්ස් පාරට ගියොත් ෂුටුස් ගා කරගත හැකි කටයුත්තකි.

කරුණාරත්න අබේසේකර එදා කිව්වේ ​සොම්නස- දොම්නස – පවසන ගොළු බස මල් බවය. දොම්නස ඇති වන්නේ රෝගී තත්ත්වයක් හෝ මරණයකදී. රෝගී වූ පුද්ගලයකුට සුව පතා තබන මල් කළඹ විවිධ ස්වරූපයෙන් ඇත. ඒ මල්කළඹ බොහොමයක ඇත්තේ ඕකීඩ් මල්ය.

දොම්නසේ ඉහළම තැන ගත්තේ අවමංගල්‍යයි. ඩීන්ස් පාරේ මේ මල් අලෙවිසල්වලදී අපට පෙනී ගියේ මේ පාරේ මල් අලෙවිසල් මඟුලක් මරණයක් යන දෙකටම නැතිවම බැරි බවයි. ඩීන්ස් පාරේ ඇති මල් අලෙවිසල්වලින් අප ‘මල් වඩම්‘ ගැන ඇසූ විට ඔවුන් මුහුණ ඇඹුල් කරගෙන කඩ කීපයක නම් කියා ඒවාට යන ලෙස දැන්වූයේ පිළිකුලෙනි. ඔවුන් කිව්වේ තමන් මල්වඩම් වැනි ෆියුනරල් අයිටම් නොකරන බවය.

ඩින්සි පාරට මෙම මල් රැගෙන එන්නේ බදුල්ල, බණ්ඩාරවෙල, දියතලාව සහ නුවරඑළිය වැනි පැතිවලිනි.

‘‘එහෙන් කෝච්චියේ නයිට් මේල් දානවා. නැත්නම් බස්වල රෑට පටවනවා. කොළඹට එනකොට මල් ටික උදේ තුන හතර වෙනවා. සමහර වෙලාවට ට්‍රාන්ස්පෝට් කරන කොට ඩැමේජ් වෙනවා. ඉතින් පාඩුව අපට තමයි. මොකද එහෙන් ඩැමේජ් මල් කීයටවත් පටවන්නේ නෑ. මෙතැන තියෙන සමහර මල්කඩ දාලා අවුරුදු 50කට වැඩියි.’’

මෙතැන ඇති මල් අතරින් අප සිතා සිටියේ මිලෙන් වැඩිම මල රෝස මල් යැයි කියාය. නමුත් මෙහිදී අපට දැනගන්නට ලැබුණේ බේබි ස්ප්‍රෙඩ් නමැති මල් වර්ගය මිල අධිකම මල් වර්ගය බවය. එහි එක් මලක් රු. 300කට වඩා මිලෙන් වැඩිය. රෝස මල් කිනිත්ත රුපියල් අසූවේ සිට ඇත.

මෙහි ඇති මල් වර්ග බොහෝය. ඕකීඩ්, ඩේසි, සුපර්යෙල්, බාබන්ඩේසියා, කැන්ටබේරියා, ක්‍රිෂන්ස්,සැල්මොනියා.ඇන්ටමේරියා ජර්බරා සහ ජරබරා ආදී විවිධ නම්වල මල් මේ අලෙවි කුටියෙන් කුටියට උච්චාරණය කරන අයුරු විවිධය. ලංකාවේ අයගේ නම්වලින් නම් කරන ලද මල් තිබේදැයි අප විමසූ විට අලෙවි නිලධාරීන් පැවසුවේ එවැන්නක් ඔවුන් නොදන්නා බවය.

පිටකොටුවේ රෙක්ලමේෂන් පාරේ ඇත්තේ කොළඹ කෘත්‍රිම මල් අලෙවිසල්ය. මෙහි ඇති ස්වභාවික මල් කිනිත්තක මිලත් රෙක්ලමේෂන් පාරේ කෘත්‍රිම මලක පෙනුමත් එක සමානය. එහි වෙනස හඳුනා ගත හැක්කේ අතගා බැලීමෙන් පමණි. මේ දෙකේ වෙනෙස හොඳින්ම හඳුනා ගත හැක්කේ මේ ස්වාභාවික මලින් නැගෙන සුවඳයි. කෘත්‍රිම මල් කළඹක මිල ඩීන්ස් පාරේ ස්වභාවික මල් කිනිත්තක මිලට වඩා හතර පස් ගුණයක් අඩුය.

‘‘ඔය කොච්චර ආටිෆිෂල් මල් ආවත් මේ ස්වාභාවික මල්වලට තියෙන ඉල්ලුම අඩුවෙන්නේ නෑ. ඊටත් වඩා මේ මල්වලින් හොඳම කොටස එක්ස්පෝට් කරනවා. සමහරු ආටිෆිෂල් මල් ගෙනල්ල ඒකට සමාන ස්වාභාවික මල් ටිකක් අරගෙන ගිහිල්ල දෙක කලවමේ ඩෙකරේෂන්වලට පාවිච්චි කරනවා. අතට අහුවෙන මානේ ස්වාභාවික මල් ටික ඇමිනුවහම ඇත්ත මල මොකක්ද? බොරු මල මොකක්ද කියල හොයනවා බොරු’’

මෙහි මල් අලෙවි කුටිවල ඇති මල්වලට අමතරව ඒවා ලස්සන කරන්නට යොදා ගන්නා විසිතුරු කොළ අතර කිතුල් කොළ විශේෂය. කැකිල්ලේ කොළද විසිතුරු වැඩ සඳහා යොදා ගන්නා තවත් කොළ වර්ගයකි. තරු පහේ හෝටල්වල සිටින විදේශිකයන් උදෑසනින්ම එන තැනක් නම් ඩීන්ස් පාරේ මල් අලෙවිසල් වෙතය. ඒත් දැන් විදේශිකයන් එන්නේ නැති තරම්’’ යැයි අප සමග එක් ​අලෙවිසල් හිමියකු පැවසීය.

මෙතරම් දුර බැහැරින් මේ මල්ගෙන එත්දී, මේ මල් කොළඹම වගා කළ නොහැකිදැයි අප එක් අලෙවිසල් හිමියකුගෙන් අසා සිටියෙමු.

‘‘ලංකාවේ විසිතුරු මල් හිටවන්න හොඳම පාරිසරික හිතකර තත්ත්වයක් තියෙන්නේ නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්කවල. නුවරඑළිය, වළපනේ, වැලිමඩ, බණ්ඩාරවෙල වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තමයි මේ වගාවට හොඳම. මේ පැතිවල මේ ගස් හරි ගියත් ඒ ප්‍රදේශවල වගේ ලොකුවට මල් හටගන්නැති නිසා කවුරුත් මේ පැතිවල මේවා හිටවන්නේ නැහැ’’

මෙහි අලෙවිකරුවන් පවසන්නේ බදුල්ල වැනි රැකියා විරහිතයන් බොහෝ සිටින ප්‍රදේශයක මේ විසිතුරු මල් වගාවට අවශ්‍ය බීජ හා රෝපන ද්‍රව්‍ය තරුණ පරපුරට සැපයුවහොත් එය රැකියා වියුක්තියට යහපත් ලෙස බලපාන බවය. එමෙන්ම එම විසිතුරු මල් නිසි මිලකට රජය මගින් මිලදී ගෙන ආයතනයට හෝ තමන්ට ලබාදීමට වැඩපිළිවෙළක් සැකසීම රජයේ වගකීමක් බවද ඔවුන්ගේ මතයයි.

ඩීන්ස් පාරේ මල් අලෙවිසල්වල ඇති සාමාන්‍ය මල් වඩමක මිල රු. 1500ක් පමණ වේ. ඕකීඩ් මල්වඩමක් රුපියල් හාරදහසේ සිට අවශ්‍ය නම් විසිදහසටත් පැයක් තුළදී සාදවා ගන්නට හැකිය. මල්වඩම් ගැන කියනවිට මෙරට සිටි දේශපාලන චරිතයක් වූ ටිප්ටොප්ගේ කතාවක් අවසානයට එක්කරමි. සර් ජෝන් මියගිය මොහොතේ ටිප්ටොප් ඩීන්ස් පාරෙන් මල් වඩමක් ගත්තේ ගෝල්ෆේස් පාර්ලිමේන්තුවේ තිබූ සර් ජෝන් දේහයට තැබීමටය. මල්වඩම සමග ටිප්ටොප් ඩීන්ස් පාරේ හෝටලයකට ගියත්, මුදලාලි මල්වඩම හෝටලය අසලට ගෙනඑන්න නොදීමෙන් වූ පහරදීමකින් ටිප්ටොප් මරණයට පත්විය. ටිප්ටොප් ඩීන්ස් පාරෙන් ගත් මල්වඩමේ කාඩ් බෝඩ් කෑල්ලේ තිබුණේ සම තත්ත්වයේ දෙදෙනකුගේ සංවාදයකි.

‘නන්දිමිත්‍රගෙන් ලයනල්ට’ යනුවෙන් එහි සඳහන් විය.

ටිප්ටොප්ගේ නියම නම නන්දිමිත්‍රය. සර් ජෝන්ට මිතුරන් ඇමතුවේ ලයනල් කියාය. රටේ හිටපු රාජ්‍ය නායකයාත් තමන්ගේ සම තත්ත්වයට ටිප්ටොප් ඩීන්ස් පාරේ මල්වඩමකින් ගෙනආවේ එසේය.

වජිර ලියනගේ

අරුණ පුවත්පත 

ඡායාරූප – රවී ජයවික්‍රම