Tuesday, 11 February 2025
Editor

Editor

නයිනතිව් දූපතේ පිහිටි ‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කෝවිලේ වාර්ෂිකව පවත්වනු ලබන පූජා උත්සවය 2019 ජූලි මස 02 වන දින සිට ආරම්භ වූ අතර, මෙම පූජා උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ආරක්‍ෂක හා සනිපාරක්‍ෂක සේවාවන් සපයමින් සහය ලබා දෙයි.

චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය නැවතත් චිත්‍රපට සංස්ථාව ලැබීම සම්බන්ධයෙන් සිනමා කලාකරුවන් රැසක ගේ ප්‍රසාදයට හේතු වී තිබෙන බවත් මෙම අයිතිය නැවත උදුරාගැනීමට හදනවා නම් එරෙහිව නැගී සිටිය යුතු බවද කලාකරුවෝ පවසති.

රුපියල් මිලියන 900 වියදමින් ඉදි වූ මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) පොළොන්නරුවේ දී ජනතා අයිතියට පත් කෙරේ.

විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා මහජන බැංකුව සමඟ පසුගිය දින කාර්යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් ඇතුලු නිෂ්පාදන අඩු මිලට ලබා ගත හැකි අලෙවිහලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටි පැලවත්ත ඉසුරුපාය ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අතින් ඉකුත් දා විවෘත විය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරි පත් කරනු ලැබූ 2019 අයවැය මගින් යෝජිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ඇතුළු වැටුප් සහ දීමනා ඉහළ නැංවීම අද (ජූලි 01) සිට ක්‍රියාත්මක ය.

පරීක්ෂණ අවසන් වන තෙක් බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නා ලෙස

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට ජපානයේදී අත්සන් තැබීමට නියමිතය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කෙරේ.