විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට මාර්ගගත ක්‍රමය (ONLINE ) පාසල් විභාග සහා අත්හදා බලමින් මෙවර උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
කල්පිටිය මුහුදු තීරයේ පාරිසරික ආරක්ෂාවත් අලංකරණයත් උදෙසා කඩොලාන වගාකිරීමේ ව්‍යාපෘතියක් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ කල්පිටිය ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ විශේෂ ව්‍යාපෘතිය (21) පෙරවරුවේ කල්පිටිය මුහුදු තීරයේදී පැවැත්විණි.
කෙට්කාලීන සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ ඔසුසල ශාඛා ජාලය පුළුල් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතාට උපදෙස් ලබා දී ඇත.
ඩෙංගු වසංගත තත්ත්වය වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් මාර්තු 21 සහ 22 දිනයන් හී දී පැවැත්වීමට කටයුතු සළසා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවා අවශ්‍යතාවය අනුව,දෛනික වැටුප්මත රාජකාරි ඉටුකරවා ගැනිම සඳහා ආදේශකයින් ලියාපදිංචි කරවා ගැනිම වෙනුවෙන් 2019 අප්‍රේල් 01 දින දක්වා ප්‍රාදේශීය තැපැල් අධිකාරි කොට්ඨාස මට්ටමින් අයදුම්පත් කැඳවන බව තැපැල් දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේ ජේෂ්ඨ (පාලන) ලේකම් රවින්ද්‍ර ගුණරත්න රජයේ නිල වෙබ් අඩවියට පැවසිය.
දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ඉදිකෙරෙන ආඝාත ඒකක වල ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීම,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18)කොළඹ,ෂැන්ග්‍රිලා හෝටලයේ දී පවැත්වීමට නියමිතය.
2019 ලෝක සමාජ වැඩ දිනය සැමරීම සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් පා ගමනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 18 දා පෙ.ව. 9.00 ට කොළඹ විහාරමහාදේවී උද්‍යානයෙන් ආරම්භ කෙරෙන මෙම පාගමන ශ්‍රී ලංකා පදනම් ආයතනය දක්වා යාමට සැලසුම් කොට ඇත.
ජ්‍යාත්‍යන්තර ක්‍රමෝපායන්ට අනුව සැකසුණු නව උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කරයි.