Sunday, 20 October 2024
Editor

Editor

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ.මෙහි සමාරම්භක උත්සවය සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්ව යෙන් අද (2) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ප.ව.6.00ට පැවැත්වීමට නියමිතය.

අ.පො.ස. (සා/පෙළ) ප්‍ර‍තිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර විභාගය සඳහා 688,573ක් අයදුම් කර ඇති අතර එම ප්‍ර‍තිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස අයදුම්කරුවන් නිවැරදි අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.

බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යමසහඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර අ.පො.ස. (සා.පෙළ) 2017 විභාග ප්‍රතිඵල අද (28) පස්වරුවේ  නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.

දිනෙන් දින වැඩිවෙමින් පවතින අපරාධ රැල්ල මර්ධනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය.
 

කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට පත්ව තිබේ. Drewry දර්ශකය අනුව කොළඹ වරාය මෙලෙස 13 වැනි ස්ථානයට පත්ව තිබේ.

2017 පැවති අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

SLIDA හරිත සතිය - ප්‍රදර්ශනයේ සමරම්භක උත්සවය අද (26) කොළඹ 07 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පරිශ්‍රයේ දී පැවැත්වෙයි.පෙ.ව. 8.00 ට ආරම්භ වෙන උත්සවය සඳහා ජාර්මානු තානාපති John Rohde මහතා ප්‍රධන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතය.

පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමකින් තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට මධ්‍යම පරිසර අධීකාරිය හා පරිසර පොලිස් ඒකකය සමත් වූහ.

රජය විසින් රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා ප්‍රචලිත කිරීම හා නැගෙනහිර පළාතේ දේශිය හා විදේශීය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ අරමුණ ඇතුව මඩකළපුව අභ්‍යන්තර ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා අධිකාරියට පැවරීමෙන් අනතුරුව, ගුවන් යානා මෙහෙයුම් හා සේවා කටයුතු ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් මාර්තු 25 වෙනි ඉරුදින ආරම්භ කිරීමට නියමිතය.