Saturday, 19 October 2024
Editor

Editor

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය  ලබන 12 දිනට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ “ගැටුම් හා ආපදාවන් හී ප්‍රතිඵලයක් ලෙස ළමයින් ශ්‍රමිකයින් වීම වළක්වමු!” යන්නයි.

උතුරු සහ උතුරුමැද පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි  අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථානකිහිපයක වැසි ඇතිවේ.

සොබාදහමේ තිරසර පැවැත්මෙන් තොර පැවැත්මක් මිනිසාට නැති බව දැන් දැන් කෙරෙන අනතුරු ඇගැවුම් හමුවේ පිළිගන්නට අපට සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාදහමේ සමතුලිත බව ගිළිහෙමින් සමස්ත පැවැත්ම බරපතල අර්බුදයක් බවට පත්කොට ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (5) යෙදී තිබෙන ජගත් පරිසර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය අදට (ජුනි (05) යෙදී තිබේ.ජගත් පරිසර දිනය  නොකඩවා 1973 වසරේ සිට සමරනු ලබයි. ''Connecting People to Nature'' මෙවර ජගත් පරිසර දිනයේ තේමාවයි.

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන පුද්ගල මරණ සංඛ්‍යාව 206 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි. ආපදාව හේතුවෙන් මේ වනවිටත් විපතට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 170,486කි. පුද්ගලයින් සංඛ්‍යාව 658,490කි.

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනයක් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

සුළි කුණාටුව (MORA)  අද (30)දින බංග්ලාදේශ ගොඩබිමට ඇතුල්වී දුර්වල වේ යැයි බලාපොරොත්තු වන අතර හෙට සිට තද වැසි සහ සුළං ඇතිවීමේ හැකියාව අඩුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික් 07කට නායයාමේ අනතුරු ඇඟවීම් සිදු කොට ඇති අතර ඉදිරි පැය 24 පුරාත් වර්ෂාපතනය අඛණ්ඩව පැවැතුණ හොත් එම අවදානම තවදුරටත් පවතින බව එම ආයතනය සඳහන් කරයි.
 

ඇතිවී තිබෙන ආපදාව හේතුවෙන් සිදු වූ විදුලි බිඳවැටීම පිළිබදව දැනුම්දීම සදහා නව දුරකතන අංකයක් හඳුන්වාදී ඇති බවත්, විදුලි මීටර් හා නිවාස විදුලි පරිපථවල සුළු නඩත්තු කටයුතු ආදිය නොමිලේ සිදුකර දීමට පියවර ගන්නා බවත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.