Saturday, 19 October 2024
Editor

Editor

2017 මාර්තු මස 23 වැනිදා ලක්බිම පුවත්පත

2017 මාර්තු මස 23 වැනිදා දිනමිණ පුවත්පත

අද  (22) ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් පිරිසක්  උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ. ඒ, කොළඹ නෙළුම් පොකුණ රගහල අසලදීයි මෙම උද්ඝෝෂණය සිදුවන අතර ලෝක ජල දිනයද අදට යෙදී තිබීම විශේෂත්වයකි.

"එක්වෙමු - ක්ෂය රෝගය දූරලමු" යන තේමාව යටතේ මෙවර ක්ෂය රෝග දින ජාතික උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර නගරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුටුහපුව ග්‍රාමයේ පෞරාණික උරුමයක්ව පවතින පුටුහපුව අම්බලම සංරක්ෂණය කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරී- II නතතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2016 (2017) විභාගය ලබන 26 වැනි දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 60කදී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර තිබෙන බව අයදුම්කරුවන් 9527ක් මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහාතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (22) ලබන 24 දක්වා රුසියන් සමුහාණ්ඩුවේ නිල සංචාරයක නිරතවීමට එකඟ වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙවර කොරියානු භාෂා ප‍්‍රවිනතා විභාගයට අයදුම්කරුවන් 22,905 දෙනෙකු ඉල්ලුම්පත් භාර දී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අයදුම්පත් භාරගැනිම පසුගිය මාර්තු මස 14, 15, 16, 17  දක්වා දිවයිනේ මධ්‍යස්ථාන 19 ක දී සිදුකර තිබේ. මෙවර වැඩිම අයදුම්පත‍්‍ර ප‍්‍රමාණයක් වන 3388 ක ප‍්‍රමාණයක් නිකුත් කර ඇත්තේ කාර්යාංශයේ තංගල්ල විගමණික සම්පත් පුහුණු මධ්‍යස්ථානයෙනි.

වැසි සහිත කාලගුණ තත්ත්වය අද (17)දිනයේ සිට අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ අද (16) රුපියල් 154.04 ක් දක්වා ඉහළ ගියා.

ඩොලරයක ගැණුම් මිළ සටහන් වුණේ රුපියල් 150.19 ක් ලෙසයි.