විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2019 අගෝස්තු මස 17 සහ 19 යන දිනවල පිළිවෙලින් අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල සමෝධානීකරන ජංගම කොන්සියුලර් සේවාවන් පැවැත්වීමට නියමිතය.
පාසල් නිවාඩු සමයේ සංචාරයේ යෙදෙන මගීන් සදහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් අද (අගෝස්තු 08දා) සිට ධාවනයේ යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී රංජිත් පත්මලාල් මහතා පවසයි.
මහ බැංකුව,වාණිජ බැංකු මගින් ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාතය අඩු කර ඇති නමුදු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15% විශේෂ පොලී අනුපාතයන් ලබා දීමේ ක්‍රමවේදයේ කිසිඳු වෙනසක් සිදු කර නොමැත.
මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු 2019 අගෝස්තු මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා දැනුම් දෙයි.
පාසල් නිවාඩු සමයේ සංචාරයේ යෙදෙන මඟින් සඳහා කොළඔ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවයක් යොදවා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මාතර - දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 08 වැනිදා සවස 3.24 ට යෙදෙන සුභ මොහොතින් පළමුවෙනි පේළි පෙරහැරත් සමඟ ආරම්භ කෙරේ.
රටෙහි මේ වන විට පවතින කාලගුණික තත්ත්වය පිළිබදව අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ දිස්ත්‍රික්ක 20කට ආසන්න ප්‍රමාණයක වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවයි.
5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා(04) ආරම්භ වන අතර දිවයින පුරා මධ්‍යස්ථාන 2995කදී විභාගය පැවැත් වේ. විභාගයට ඉදිරිපත්ව සිටින අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් නව දහස් තුන්සිය හැට නවයකි. විභාග අපේක්ෂකයන් සහ දෙමව්පියන් විසින් අනුගමනය කල යුතු උපදෙස් මාලාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.