Sunday, 20 October 2024
Editor

Editor

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ බොහෝ පළාත්වල වියලි කාලගුණ තත්ත්වයන් සහ තරමක් ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් (විශේෂයෙන් උතුර ,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල) අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශයන් වෙත කෘතීම වැසි ලබාදීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබාදීමේ ජාත්‍යන්තර වැඩමුළුව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වේ.

පසුගිය 2017 වසරේ දී උඩවළව ඇත් අතුරු සෙවණ වෙත සංචාරකයින් 172,874ක පිරිසක් පැමිණ ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව සංචාරක පැමිණීම හරහා උඩවළව ඇත්අතුරු සෙවණ රුපියල් මිලියන 32.42ක ආදායමක් ද උපයාගෙන ඇත.
 

උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

කැලණිවැලි දුම්රිය මාර්ගය ලබන 16දා රාත්‍රී 8.00 සිට 19දා පෙරවරු 4.00දක්වා සම්පූර්ණයෙන් ම වසා තැබෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය. ඒ අනුව මෙම මාර්ගය සෙනසුරාදා සහ ඉදිරිදා යන දෙදින තුළ සියලු ම දුම්රිය ගමන් සිදු නොකෙරෙනු ඇත.
 

අධිවේගී මාර්ගය තුළ වේග සීමා උල්ලංඝනය කරනු ලබන වාහන  වේග සීමා නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කළ නව වේග මාපක යන්ත්‍ර පද්ධතිය අද (14) සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසවලින් සැලසුම් කොට ඇත.
 

උතුරු,නැගෙනහිර සහ ඌව පලාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම සහ සබරගමුව පළාත් වල සහ අනුරාධපුර, ගාල්ල,මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතී.

ඡන්දය විමසීම් දිනයේදී ඡන්ද ගණන්කිරීමේදී හා ඡන්දය විමසීම් දිනයට පසුව ද ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා පොලීසිය අවස්ථාවෝචිතව ත්‍රිවිධ හමුදාව ද ක්‍රියා කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හෙට දින (10) පැවැත්වීමට නියමිත පළත් පලන මැතිවරණය හේතුවෙන් දිවයිනපුරා පිහිටි සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.