හෙවනැල්ල
වැසි වස්සන ඇල් අතු දී බමුණන්ට
ආයෙමි වංකගිරි පාරමි සපුරන්ට
රුව ඇති දූ පුතුන් පිදුවත් බුදුවන්ට
ප්‍රාණසරි බිසෝ නම් බෑ දන්දෙන්ට
උඩහ වැහැල
බකිනි ඇළේ සැර පාරේ
බකිනි මල් වැටී පාවේ
සිතිවිලි රොන්සුනු ඉහිරී
බලාපොරොත්තුව පෑරේ
වදනින් දෙන බෙහෙත්
තද නින්දකින් පසු දෙනෙත් විවර කළ ශ්‍රියන්තිගේ දසුනට හසුවූයේ සිවිලිමේ කරකැවෙන විදුලි පංකාවය.
නිතරම හැම අත දුව යන හිත නිශ්චලය. කිසිම සිතුවිල්ලක් නැති මොහොතක් ඇය රස වින්දාය. ඒ නිදිමතෙන් පිබිදෙන මොහොත පමණි. විදුලි පංකාවේ රැදුන දෙනෙත් හරවා ඇය වටපිටාව දෙස බැලුවාය.
ඇලඩින්ගේ කුමාරිය
“මචං, මෙයා කැත ගහෙන් වැටෙන කොට තිබිච්ච හැම අත්තකම හැප්පිලා වගේ නේද?”
සාප්පු සංකීර්ණයේ එකදු කඩයකින් වත් යමක් මිල දී ගැනීමට වත්කමක් නැති කොල්ලො රැලක් නර්මදා අසලින් කියාගෙන ගියහ.
“වැනියන් කළු වැනීයන්, කැත නාඹර වැනීයන්” වැනි පද කුඩා කළ පටන් තමන් වෙත එල්ල වූ බව දන්නා නර්මදා මෙවැනි නොහොබිනා කතා වලින් කුපිත වූයේ නැත.
අරලිය මැදුර
‘අරලිය මැදුර’ යන්නෙන් අතින් ලියූ ඉංග්‍රීසි නාම පුවරුවක් උස්සගෙන දුම්රියෙන් බහින අය ඉදිරියේ කුසලානි හිටගෙන. කොළඹ ඉඳන් ආ කෝච්චියෙන් බැහැපු තරුණ කොල්ලො කාණ්ඩයක් කුසලානිගෙන් මල් ගෙනාවෙ නැද්ද කියල අහල ගියා. වන්දනාවේ යනවා කියල ට්‍රිප් යන අයද කොහෙද.