Editor
අවු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට මාසිකව රු. 5000 ක දීමනාවක්- අමාත්‍ය දයා ගමගේ
වයස අවුරුදු 60 ට වඩා වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා මාසයකට රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේය.
දිස්ත්‍රික්ක කීපයකට ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර, ඌව,මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2019 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 20 සිට 29 දක්වා
2019 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 20 වැනි දින සිට 29 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.
මහවැලි ක්‍රීඩා උලෙළ මෙවර ද අති උත්කර්ෂවත්ව පැවැත්වෙයි
මහවැලි ගොවි පවුල්වල දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කෙරෙන හා ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසක් රටට දායාද කළ මහවැලි ක්‍රීඩා උලෙළ මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් දෙදිනක් පුරා මැදිරිගිරිය බිසෝපුර දී පැවැත්වුණු අතර එහි සාමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) පස්වරුවේ පැවැත්විණි.
නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු අත් අඩංගුවට
නාවික හමුදාව විසින් කොකිලායි ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.
පවුල් සෞඛ්‍ය සේවා තනතුරට අයදුම්පත් යොමුකළ හැකි කාලය දීර්ඝ කෙරේ
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ 2019 වර්ෂය සදහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට අභ්‍යාසලාභීන් 850ක් පමණ බදවා ගැනීමට අදාල ගැසට් නිවේදනය 2019.08.30 දින ප්‍රකාශයට පත්විය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් 13 මධ්‍යම රාත්‍රී 12න් අවසන්
පළාත් පාලන ආයතන සඳහා 2019 සැප්තැම්බර් මස 02 දින ඡන්ද විමසීමක් පැවැත්වීම සම්බන්ධයෙන් දැන්වීම් නිකුත් කළ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඡන්ද විමසීම සදහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූ රජයේ නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන්ගේ අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව 2019 සැප්තැම්බර් 13 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිත බවත් එම දිනය නැවත කිසිසේත්ම දීර්ඝ කරනු නොලැබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
දකුණු පළාත් හැදුනුම්පත් කාර්යාලය හා හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් හැදුනුම්පත් කාර්යාලය විවෘත කිරීම හා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ආරම්භ කිරීම ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 06 වැනි දින (හෙට) සිදුකෙරේ.
උතුරු දුම්රිය මාර්ගයේ නව ශිඝ්‍රගාමි දුම්රිය දෙකක් අද සිට එක්වෙයි
උතුරු දුම්රිය මාර්ගයේ නව ශිඝ්‍රගාමි දුම්රිය දෙකක් අද(05) සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වැරදි කිරුම් මිනුම් උපකරණ භාවිතා කළ වෙළදුන් අධිකරණය හමුවට
වැරදි කිරුම් මිනුම් උපකරණ භාවිතා කළ මහනුවර නගරය හා තදාසන්න ප්‍රදේශවල වෙළදුන් 28 දෙනෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මහනුවර දිස්ත්‍රික් මිනුම් ප්‍රමිති සේවා අංශය මගින් කටයුතු යොදා තිබේ. ඒ අනුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔවුන්ගෙන් සිව් දෙනෙකුට වරෙන්තු නිකුත් කොට ඉතිරි පිරිසට දඩ නියම කරන ලදී.