Editor

Editor

2016 වර්ෂයේ සැප්තැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 සැප්තැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 6.0% ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

යාපනය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක  අධ්‍යයන කටයුතු ඊයේ (13) සිට ආරම්භ කොට ඇත. ඒ අනුව කලා, වෛද්‍ය හා නළමනාකරණ පීඨවල අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කොට තිබේ.

වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි නව වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත.
 

ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම හා ඔවුන්ගේ කායික සහ මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව කි‍්‍රයාත්මක දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ පොළොන්නරුව දිස්ති‍්‍රක් සමුළුව අද (10) පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ නගරබඳ ජීවත්වන වැඩිහිටි ජනගහනයෙන් 50%ක් පමණ පුර්ව දියවැඩියාවෙන් පෙළෙන බව මැතකදී සිදුකල සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි  දිවයිනේ සියලු ම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණයට පෙර හෙට (10) සහ 11 යන දෙදින පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට කටයුතු යොදා ඇත.
 

ශ්‍රී ලංකාව වෙත ඉන්ධන රැගෙන එන නෙවෙස්කා ලේඩි නෞකාව මුතුරාජවෙල ‍වෙත පැමිණ ඇති අතර මේ වන විට එම නෞකාවේ ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
 

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව 2018 ඉදිරිපත් කිරීමට නියමිතය.

වයස අවුරුදු 100 ඉක්මවු අඩු ආදායම් ලාභී වැඩිහිටියන්ට එක් අයකුට රුපියල් 5000ක් බැගින් මාසික දීමනාවක් ලබා දීමට යයි.

වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්ට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙසට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර තිබූ නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරේ.