Editor

Editor

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් ගාල්ල, මාතර, කෑගල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික් 05ට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.
 

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයට පසුගිය  12 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තැබීය. 2016 අංක 14 දරන පනත සහ 2017 අංක 9 දරන පනතින් සංශෝධිත  අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම (ස්ථාපිත කිරීම, පරිපාලනය සහ ඉටු කිරීම) සැප්තැම්බර් 15 සිට ක්‍රියාත්මක වේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දින සිට මුළුමනින්ම ක්‍රියාත්මක කෙරේ. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝම්බර් මස සිට අයකිරීමටත් අදායම් බදු 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කිරීමටත් මුලින් තීරණය කර තිබිණි.
 

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට පෙර පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ගෙන යන ගිණිසිළුව හෙට (14)  මහනුවරට ලගාවීමට නියමිතව ඇත.
 

කොළඹ ජාතික රෝහල ඇතුලු සමස්ත රෝහල් පද්ධතිය තුළම දැඩි ඖෂධ හිඟයක් ඇති බවටත්, උතුරුමැද පළාතේ ග්‍රාමීය රෝහල් වැසීයාමේ අවධානමක් ඇති බවටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට ලබාදී ඇති ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (11) දින සිට සැප්තැම්බර් මස 14 වන දින දක්වා බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11)නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

රත්නපුර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික් 05 සඳහා ඉදිරි පැය 24 කාලය සඳහා නායයෑම් අනතුරු නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කොට ඇත.
 

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - 2017  සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේ දී අද (8)  පැවැත්වේ.

දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.