Editor

Editor

අයහපත් කාලගුණය ලබන 10 දක්වා පමණයි -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

බස් රථ සඳහා ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් - ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්

සාමාන්‍ය බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 11.14% න් අඩුවේ

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

නිරිත දිග මෝසම් සක්‍රීය වෙයි- සුළං තත්ත්වය තවදුරටත්

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ගාලුමුවදොර විරෝධතාවයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලාජීවන්ත පීරිස් පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

 

2022 වසරේ අප්‍රේල් 09 වැනිදා පමණ සිට තමන් "ගෝඨාගෝගම" විරෝධතාවට එක් වූ බවත්, ඉන් අනතුරුව හිටපු ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය විසින් පීඩාවට පත් කළ ජනතාවට සාධාරණය ඉටුකරදීම සඳහා එම විරෝධතාවට ක්‍රියාකාරීවසහභාගි වූ බවත් පෙත්සම්කරු පවසයි.

 

ත්‍රිවිධ හමුදාව විසින් "ගෝඨාගෝගම" විනාශ කිරීමෙන් පසු තමන්ට එරෙහිව පොලිසිය විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇති බවජූලි 25 සවස රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයෙන් තමා දැනගත් බව පෙත්සම්කරු පවසයි.

 

2022.07.27 වැනි දින පෙරවරු 11.30 ට පමණ බලංගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයකු දසමඟින් පෙත්සම්කරු සොයා බලංගොඩ ශාන්ත ජෝශප් දේවස්ථානයට පැමිණ ඇති බවත්, තමන් එහි පදිංචිව නොසිටින බවබළන්ගොඩ ශාන්ත ජෝශප් දේවස්ථානයේ පැවිදි පූජක එමිල් ප්‍රනාන්දු පියතුමා පොලිසියට දන්වා ඇත.

 

තමා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කිසිදු වරදක් කර නොමැති බවත්, අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේඇතැම් නිලධාරීන් තමන් සොයමින් සිටින බවට තමා සත්‍ය වශයෙන්ම විශ්වාස කරන බවත් පෙත්සම්කරු වැඩිදුරටත් සඳහන්කළේය.

 

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, යුධ හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති ඇතුළු පිරිසක් පෙත්සම්කරු විසින් දක්වා ඇත.

රාජ්‍ය සේවකයින්ට ලබාදුන් සිකුරාදා දින නිවාඩුව අවලංගුයි- කැබිනට් අනුමැතිය

අතරමංව සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදවා ගැනේ

මාධ්‍ය නිවේදනය
අලුතින් උපදින දරුවන් සඳහා ජාතික හැදුනුම්පත් අංකය සහිතව උප්පැන්න සහතිකය නිකුත් කිරීම

Page 97 of 376