Monday, 21 October 2024

ඉදිරි දිනවලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Tuesday, 16 January 2018 04:19

2011 අංක 28 දරන මැතිවරණ ( විශේෂ විධිවිධාන) පනත මඟින් සංශෝධිත ප්‍ර‍ධාන ප්‍ර‍ඥ්ප්තියේ 54(2) වගන්තිය අනුව ඉදිරි ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරිරික අශක්නුතාවයකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි වන පිරිද නීතිමය ප්‍ර‍තිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

Posted On Tuesday, 16 January 2018 04:17

ගණේමුල්ල දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම අද (11) පෙරවරුවේ  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා‍ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

Posted On Thursday, 11 January 2018 06:19

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයට මේ වන විට මැතිවරණ පැමිණිලි 94 ක් ලැබී ඇති බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.

Posted On Thursday, 11 January 2018 06:17

විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික කාන්තා ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
 

Posted On Thursday, 11 January 2018 06:16