Sunday, 20 October 2024

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන ආධුනික ගුවන් විදුලි ක්‍රියාකරවන්නන්ගේ ප්‍රවීණතා සහතිකය සඳහා වූ පරීක්ෂණය - 2017  සඳහා අයඳුම්පත් කැඳවීම ගැසට් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම පරීක්ෂණයේ අයදුම්පත් භාර ගැනීම ලබන මස 08 වැනි දිනෙන්  අවසන් වේ.

Posted On Tuesday, 29 August 2017 05:36

මිරිහාන පොලිස් වසමේ කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් දළඳා පෙරහර සැප්තැම්බර් 01දා සහ 02දා පස්වරු 7.30සිට වීථි සංචාරය කරන බැවින් එම ප්‍ර දේශයේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බවත් එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 

Posted On Tuesday, 29 August 2017 05:34

අගෝස්තු 31සිට සැප්තැම්බර් 02දා දක්වා උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

Posted On Tuesday, 29 August 2017 05:33

මත්පෙති සහ මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශවල මෙහෙයවීමෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
 

Posted On Friday, 25 August 2017 05:09

සුහුරු පන්ති කාමර  (Smart Class Room) වැඩසටහන ‍තාක්ෂණය අභියෝගයක් නොවන දරුපරපුරක් අනාගත වැඩලෝකයට දායාද කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති අතර මේ වනවිට පාසල් පද්ධතිය වෙත නියාමන මට්ටමින් මෙය හඳුන්වා දී ඇත.

Posted On Friday, 25 August 2017 05:06