Saturday, 19 October 2024

ඇතිවී තිබෙන ආපදාව හේතුවෙන් සිදු වූ විදුලි බිඳවැටීම පිළිබදව දැනුම්දීම සදහා නව දුරකතන අංකයක් හඳුන්වාදී ඇති බවත්, විදුලි මීටර් හා නිවාස විදුලි පරිපථවල සුළු නඩත්තු කටයුතු ආදිය නොමිලේ සිදුකර දීමට පියවර ගන්නා බවත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Posted On Tuesday, 30 May 2017 05:31

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාතේ සියලු පාසල් අද (26)  දිනයේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අද උදෑසන මෙම තීරණය ගෙන ඇත.

Posted On Friday, 26 May 2017 05:26

නිරිතදිග මොසම සක්‍රියවීමත් සමග දිවයිනේ නිරිත දිග කලාපයේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂා පතනයක් වාර්තා වීම හේතුවෙන් කළු, කැලණි, වළවේ, ගිං යන ප්‍රධාන ගංඟාවන් මෙන්ම අතු ගංඟාවන් ආශ්‍රිතව ආපදා තත්ත්වයක් මතු ව තිබේ.
 

Posted On Friday, 26 May 2017 05:25

නිරත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

Posted On Friday, 26 May 2017 05:23

අධික වාර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම පහත සඳහන් දූරකතන අංක ඔස්සේ සිදු කළ හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Posted On Friday, 26 May 2017 05:22