මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය අදට (ජුනි (05) යෙදී තිබේ.ජගත් පරිසර දිනය නොකඩවා 1973 වසරේ සිට සමරනු ලබයි. ''Connecting People to Nature'' මෙවර ජගත් පරිසර දිනයේ තේමාවයි.
ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන පුද්ගල මරණ සංඛ්‍යාව 206 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි. ආපදාව හේතුවෙන් මේ වනවිටත් විපතට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 170,486කි. පුද්ගලයින් සංඛ්‍යාව 658,490කි.
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනයක් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.
සුළි කුණාටුව (MORA) අද (30)දින බංග්ලාදේශ ගොඩබිමට ඇතුල්වී දුර්වල වේ යැයි බලාපොරොත්තු වන අතර හෙට සිට තද වැසි සහ සුළං ඇතිවීමේ හැකියාව අඩුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික් 07කට නායයාමේ අනතුරු ඇඟවීම් සිදු කොට ඇති අතර ඉදිරි පැය 24 පුරාත් වර්ෂාපතනය අඛණ්ඩව පැවැතුණ හොත් එම අවදානම තවදුරටත් පවතින බව එම ආයතනය සඳහන් කරයි.