‘අරලිය මැදුර’ යන්නෙන් අතින් ලියූ ඉංග්‍රීසි නාම පුවරුවක් උස්සගෙන දුම්රියෙන් බහින අය ඉදිරියේ කුසලානි හිටගෙන. කොළඹ ඉඳන් ආ කෝච්චියෙන් බැහැපු තරුණ කොල්ලො කාණ්ඩයක් කුසලානිගෙන් මල් ගෙනාවෙ නැද්ද කියල අහල ගියා. වන්දනාවේ යනවා කියල ට්‍රිප් යන අයද කොහෙද.
“ලියුම දෙනකොට කීවනේ මං කිව්වොත් නාහා ඉන්නෙ නැහැ කියල.”
සුදු වතින් සැරසුන වයසක තලස්තුනා තැනැත්තිය කිව්වේ හැමෝටම ඇහෙන්න. ඒත් ඇය කියන්න ගණනකට ගත්තෙක් අහල පහලක නැහැ. හැමෝගෙම අවධානය යොමු වෙලා තිබුනෙ කවුන්ටරයට හේත්තු වෙලා ඉන්න මනා දේහයකින් යුත් ඉලන්දාරියා දිහාට.
අතීතයේ අපට උරුම වූ ස්වාභාවික ගොවිතැන වර්තමානය වනවිට මිනිසාගෙන් ඈත් වී තිබේ. බහුජාතික සමාගම්වල නිෂ්පාදන වැලඳගැනීමත් සමඟ මිනිසාට ආවේණික න්‍යාය පත්‍ර බහු ජාතික සමාගම්වලට අනුරූපව වෙනස් විය. ආහාර ඇඳුම් පැලඳුම් පමණක් නොව ඊට සරිලන ලෙස ආධ්‍යාත්මය ද වෙනස් කිරීමට බහුජාතික සමාගම් සමත් විය.
මේ ඡායාරූපය දුටු පමණින් අනතුරට ලක් වූ පුද්ගලයකු ඔසවාගෙන එන බවක් ඔබට හැඟීයනු ඇත. එහෙත් එය එසේ නොවේය. මේ ඔසවාගෙන එන්නේ ඩොනල්ඩ් පේවිස් හෙවත් ඩොන් පේවිස් ය. ඔහු අභ්‍යවකාශගාමියෙකි. දින 191ක් පුරා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි ඔහු පසුගියදා පෘථිවියට සාර්ථක ලෙස යළි පැමිණියේ ය.
මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨ ජන නායකයින් අතුරින් අද්විතීය ස්ථානක් හිමිවන ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ 120 වෙනි ජන්ම සංවත්සරය පවත්වන මේ අවස්ථාවේදී එතුමාගේ ගුණ මහිමය විස්තර කරමින් මෙවැනි සැමරුම් ලිපියක් ලිවීමට අවස්ථාව ලැබීම මා ලත් භාග්‍යයක් ලෙස සලකන අතර, මේ අවස්ථාව මට ලබාදීම මාවෙත පිරි නමන ලද උපහාරයක් ලෙස මම සලකමි.