Tuesday, 22 October 2024
Editor

Editor

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක් දින සේවය ජූලි 04 දින සිට

රජය මැදිහත්ව පාපැදි ගෙන්වීමේ වැඩපිළිවෙලක් - අමාත්‍ය නලීන් ප්‍රනාන්දු

රුමේනියානු ශ්‍රමික ගැටලුවලට විසදුම් - රුමේනියානු රැකියාවලට පිටත්ව යන ශ්‍රමිකයින්ට විශේෂ පුහුණුවක්

මහ බැංකු අධිපති නිල කාලය දීර්ඝ කෙරේ

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට සිට - ගාස්තු වැඩිවීම 22% ක්

 මහජනතාව සඳහා කොන්සියුලර් සේවා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණි

 පාතිනියම් ආක්‍රමණික ශාඛ ඉවත් කිරීමේ වැඩසටහනක්

188 ක පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව යයි

ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාවයට අදාළ හදිසි කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් සහ නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය  හර්දීප් සිං පූරි  මහත්වරු ජූනි 27 සවස හමුවිය. නවදිල්ලි නුවර නිවාස හා නාගරික කටයුතු අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණි.

ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින උග්‍ර අභියෝග සහ ජනතාව මුහුණ දෙන දැඩි දුෂ්කරතා පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ, මහතා අමාත්‍ය පූරි මහතා ට විස්තර කළේය.

ඉන්ධන ආනයනය සඳහා ණය වශයෙන් ලබාදුන් සහය වෙනුවෙන් ඉන්දියාවට ස්තුතිය පුද කරන අතරම, ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවට දැනට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් කඩිනමින් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව අමාත්‍ය පූරි සමඟ සාකච්ඡා කළේය.  අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දැක්වූ අතර මෙම තීරණාත්මක අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සෑම සහයෝගයක්ම සහතික කළේය.

ක්ෂනික අර්බුදයෙන් මිදීමට සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාවය සහතික කිරීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි ක්‍රමවේද පිළිබඳව ද මහ කොමසාරිස්වරයා සහ අමාත්‍යවරයා සාකච්ඡා කළහ. ඛනිජ තෙල්, තෙල්, ගෑස් සහ ඒ ආශ්‍රිත සැපයුම් ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවට දිගුකාලීන සබඳතා ඇති කර ගත හැකි ක්‍රම සහ විධි පිළිබඳව ද සාකච්ඡා කළහ.

රජයේ සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කෙරෙන තවත් චක්‍රලේඛයක්