Wednesday, 23 October 2024
Editor

Editor

ජනාධිපති කාර්යාල සේවා සන්නිවේදන මාධ්‍ය මගින්

බස්නාහිර පළාතෙන් පිටවන හා ඇතුළුවන අය දහවල් 12.00 සිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කෙරේ-පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොන්සියුලර් කටයුතු අංශයෙන් ලබාදෙන සේවා සීමා කෙරේ- විදේශ අමාත්‍යාංශය

මහවැලි ඉඩම්, අනවසරයෙන් අත්පත් කරගැනීමට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග

2020 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය ඇතුළත- අධ්‍යාපන අමාත්‍ය

කුවේටයේ සිට සංක්‍රමණික සේවකයින් 6000 කට වැඩි පිරිසක් යළි සිය මව් රටට

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාංශයට අයත් අලෙවි කවුළුව අප්‍රේල් 28 දින සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබේ

වර්තමානය වන විට ශ්රී ලංකාව තුළ වාර්තා වන රෝගීන් පෙන්වමින් සිටින්නේද ඉන්දියාවේ රෝගීන් පෙන්වන රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ බව හෝමාගම කොව්ඩ් මර්ධන රෝහලේ කායික රෝග පිළිබඳ වි‌‌‌ශේෂඥ වෛද්ය එරංග නාරන්ගොඩ පවසනවා.
ඔහු සඳහන් කරන්නේ වර්තමානයේ කොවිඩ් ආසාදිත රෝගීන් වෛරසය ශරීරයට ඇතුළු වී දින තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත නියුමෝනියා තත්වයට පත්වීමේ අවදානමක් පවතින බවයි.
එලෙස නියුමෝනියා තත්වයට පත් වූ පසු බොහෝ විට ඔවුන්ට ප්රතිකාර කිරීමට සිදුවන්නේ ස්වසන ආධාරක වලට සවිකොට ඔක්සිජන් ලබා දෙමින් බවද ඔහු සඳහන් කරනවා.
මේ වන විටත් හෝමාගම රෝහල තුළ ප්රතිකාර ලබන රෝගීන්ගෙන් හතරෙන් එකකට පමණ කෘතීම ස්වාසනාධාරක යන්ත්ර ආධාරයෙන් ප්රතිකාර ලබාදීමට සිදුව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.
බරපතළ රෝග ලක්ෂණ නොපෙන්වීම වර්තමානයේ ව්යාප්තවන වෛරස් ප්රභේදයෙහි තත්වය බවත් මද උණ ගතිය, සියුම් ඇඟපත වේදනාව සහ කෑම අරුචිය වැනි තත්වයන් රෝග ලක්ෂණ ලෙස මතුවන බවත් වෛද්යවරයා පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් එලෙසින් සුළු රෝග ලක්ෂණ පෙන්වුවද පෙනහළුවලට ඇතුළුවන වෛරසය,පෙනහළු අසාදනය කොට නියුමෝනියා තත්වයක් ඇති කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
කොරෝනා මර්ධන එන්නත් ලබාගත් පුද්ගලයන් ද අසාධිතයින් අතර සිටින බව පෙන්වා දුන් වෛද්ය එරංග නාරන්ගොඩ එන්නතේ දෙවන මාත්රාව ලබා ගැනීමේ වැදගත් කමද මෙහිදී සිහිපත් කර සිටියා.

වයඹ හා බස්නාහිර පළාත්වල පාසල් වැසේ

ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල්යයි - අධ්‍යාපන අමාත්‍යංශය