Wednesday, 23 October 2024
Editor

Editor

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් අයෙකු පත්කර ඇති අතර ඒ වෛද්‍ය ජයරුවන්ම බණ්ඩාර හතා එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇත.

දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ Brandix ආයතනයේ සේවය කළ සේවකයින් 04කට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බව තහවුරු වෙයි.

බෞද්ධ දහම් පාසල්වලට නිවාඩු ලබාදෙයි

පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනි ඉරිදා

නිවාඩු ලබාදීමෙන් පසු නිවෙස් වෙත ගොස් ඇති කැලණිය විශ්වවිද්යාලය, යක්කල වික්රමාරච්චි ආයුර්වේද විද්යායතනය සහ නයිවල උසස් අධ්යාපන ආයතනයේ සිසු සිසුවියන් ට නිවෙස් වලට ම වී සිටින ලෙස විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම ඉල්ලීමක් කරයි.
එම ආයතන අද(05) සිට සතියකට වසා දැමීමට විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම තීරණය කළේය.
එසේම නේවාසිකාගාරවල සිටි සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දුනි.
දිවුලපිටිය ප්රදේශයේ කාන්තාවක් සහ ඇයගේ දියණිය කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වීමෙන් අනතුරුව එම ආයතන තාවකාලිකව වසාදැමීමට බලධාරීන් විසින් ඊයේ(04) තීරණය කළේය

මිනුවන්ගොඩ  රෙදි කම්හලේ 69කට කොරෝනා - යුධ හමුදාපති තහවුරු කරයි .. ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයි සඳහා  කළ PCR පරීක්ෂණ වාර්තා උපුටාදක්වමින් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මීට සුළු  වෙලාවකට පෙර මාධ්‍ය වෙත සඳහන් කළා. ලැබීමට ඇති PCR වාර්තා මේ තත්වය ඉහල නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 


 
 
 

දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාවට එම වෛරසය ආසාදනය වූ ආකාරය තවමත් අනාවරණ වී නොමැති වීම හේතුවෙන් එහි අවධානම තවදුරටත් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. 

ඇය සමග ඍජුවම සම්බන්ධතා පැවැත්වූ අයෙකු වේ නම් ඒ පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණ කරන ලෙසයි මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඉල්ලීමක් කළේ. 

රට තුළ කොරෝනා අවධානම තවදුරටත් පවතින බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණේ.

අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් පිටතට පැමිණෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකරන ලද බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි (Ovalview Residencey) නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 05 වැනි දින පෙ.ව. 11.00 ට විවෘත කිරීමට නියමිතයි.

අධිකරණ අමාත්‍යාංශයෙහි ලිපිකරු,කාර්යාල කාර්ය සහයක,රියදුරු හා මුරකරු පත්වීම් ලබාදෙන බව දන්වමින් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි හා පත්වීම් ලිපි ලබාදී විවිධ ප්‍රමාණයේ මුදල් ලබාගනිමින් පුද්ගලයන් රවටා වංචා සහගතව සිදු කරන ලද ජාවාරමක් පිළිබඳ තොරතුරු අණාවරණය වී තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය කියයි.


 
 
 

වන අලින් කසල ආහාරයට ගන්නා අවසථා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හා කතරගම ප්‍රදෙශේයන් හිදී වාර්තා වූ අතර මෙවර එය ජාත්‍යන්තරයේ කතාබහට ලක්වෙන මාතෘකාවක් වී ඇත. මෙරට   නැගෙහිර පළාතේ කසල අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයක් අසලට රැස්ව එහි එකතුවී තිබෙන කසල ආහාරයට ගන්නා වන අලින් රංචුවක් සම්බන්ධයෙන් ඩේලි මේල් ඇතුළු  මාධ්‍ය රැසකක වාර්තා කර තිබෙනවා.