Tuesday, 22 October 2024
Editor

Editor

 

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය මෙම සතිය ඇතුළත නිකුත් කෙරෙනු ඇති බවට වාර්තා පළ වනවා. 

අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතු වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයායි. එම ගැසට් නිවේදනයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වනවිට සකස් කර අවසන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනාවරණ කළා. 

අදාළ මාර්ගෝපදේශ ඇතුළත් යෝජනාවලිය මීට පෙර නීතිපතිවරයා හමුවට ද ඉදිරිපත් කෙරුණා. කෙසේ වෙතත්, එම මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ප‍්‍රමාද වීම හේතුවෙන් ගැටලූ රැසක් මතුව ඇති බව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පාර්ශව කිහිපයක් පෙන්වා දුන්නා. 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ඊයේ ප‍්‍රකාශ කළේ, අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකළහොත් මැතිවරණය පැවැත්වීම ඉතා අපහසු කටයුත්තක් බවයි

 
 

යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (13) වනදා සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
 
යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුගේ සහෝදරයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරණ අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

කොරෝනා රෝගය වැළදුණු යුද හමුදා සාමාජිකයාගේ සහෝදරයා ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහි ප්‍රථිපල ලැබෙන තෙක් මෙලෙස විශ්ව විද්‍යාල මණ්ඩපය තාවකාලිකව වසා තැබීමට තීරණ කළ බවයි කිළිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

දිනසේන රතුගමගේ

කොවිඩ් 19 හේතුවෙන් ලංගම හා පුද්ගලික බස් රථ තුළ විවිධ ද්‍රව්‍ය අලෙවි කිරිම වහාම නැවැත්විමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමති මහින්ද අමරවිර මහතා ජාතික ගමනාගමන කොමිසමට හා ලංකා ලමනා ලමන මණ්ඩලයට උපදෙස් ලබා දුන් බව එම අමාත්‍යාංශයට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය භාවිතා කිරීමට නිවාඩු ලබා දීම

මැතිවරණ කටයුතුවල දී ශාරීරික දුරස්ථභාවය පවත්වාගනිමින් සෞඛ්‍ය උපදෙස් වලට අනූව කටයුතු කරන ලෙසට මැතිවරණයට සම්බන්ධ සියලු පාර්ශයන්ගෙන් ඉල්ලා සිටින බවත් කොවිඩ් වෛරසය සමාජය තුළ සම්ප්‍රෙෂණය වීම වැළැක්වීමට සියලු පියවර මේ වනවිට ගෙන තිබෙන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (13) මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණය- 2020 සේවා නියුක්තිකයන්ට ඡන්දය ලබාදීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීම

තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ජුලි මස 13 වනදා (අද ) අවසර ලබා දී ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජූලි 13 සදුදා සිට17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කරයි

දිවයිනේ වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යාපන කාර්ය මණ්ඩල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (10) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.