Monday, 21 October 2024
Editor

Editor

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කරන ලද කොමාණ්ඩර් (අවි) දිනේෂ් බණ්ඩාර මහතා නව පත්වීම් ලැබ මාරුවී යාම හේතුවෙන්, ජනවාරි 01 දින සිට නව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පත් කොට ඇත.

2018 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සියලු ම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් හෙට දින (ජනවාරි 01) සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

සෑම වසරකම දෙසැම්බර් 31 දින  රිය අනතුරු ගිනිකෙළි අනතුරු බීමත්ව සිදු වන කෝලාහල කරගැනීම් නිසා සිදුවන අනතුරු බහුලව වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පෙන්වා දෙයි.

දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික තරමක අඩුවීමක් අද (28) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ බඩඉරිගු වගාවට බරපතල තර්ජනයක් එල්ල කරමින් මේ වනවිට සේනා නැමැති දළඹුවා දිවයිනේ සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

උතුරේ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙත තවදුරටත් කඩිනම් සහන අඛණ්ඩව සපයන ලෙසත් ඔවුනට වන්දි ලබාදීමේ කටයුතු වහාම ආරම්භ කරන ලෙස මුදල් අමාත්‍යාංශයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.