Saturday, 19 October 2024

පොහොර සහනාධාරය ලබා දීමට සාධාරණ ක්‍රමවේදයක් Featured

Posted On Wednesday, 09 October 2024 05:22

පොහොර සහනාධාරය ලබා දීමට සාධාරණ ක්‍රමවේදයක්

 

වැඩි කළ පොහොර සහනාධාරය කඩිනමින් ගොවි ජනතාවට ලබා දීමට සාධාරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

බොහෝ අවස්ථාවල දී ගොවින් සාධාරණ ක්‍රමවේදයක් නොමැති වීම පිළිබඳ මැසිවිලි නඟන හෙයින් ගොවි ජනතාවට සාධාරණ ක්‍රමවේදයකට ලබා දීමට උපරිම උත්සහ කරන බව හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

ගොවි ජනතාව සඳහා පොහොර සහනාධාරය වැඩි කිරීමට කටයුතු කළ ද මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන බැවින් මැතිවරණ කොමිෂන් සභාවෙන් එය නතර කිරීමට කටයුතු කරනු ලැබිය.

එම තත්ත්වය තුළ මැතිවරණ කොමිෂන් සභාවට ගොවි ජනතාවත්, විවිධ සංවිධානත් මඟින් කරනු ලැබූ ඉල්ලීම් අනුව පොහොර සහනාධාරය ලබාදීම සඳහා අවසරය දී තිබේ.

ඒ අනුව, හෙක්ටයාරයකට රුපියල් 10,000ක් ලබා දුන් පොහොර සහනාධාරය රුපියල් 25,000ක් දක්වා වැඩිවන බවත්, සහනාධාරය ලබා දීමේ කටයුත්ත මහා කන්නය ආරම්භ වූ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන අතර ලබන සතියේ සඳුදා වන විට වැඩි කළ පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව අමත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

එහි පළවන අදියර ලෙස රුපියල් 15,000ක දීමනාවත්, දෙවන අදියර ලෙස රුපියල් 10,000ක දීමනාවත් සම්පූර්ණ වශයෙන් රුපියල් 25,000 ක දීමනාව ලබා දීමට කටයුතු කරන බවත්, පොළොන්නරුව, අනුරාධපුරය, මහියංගනය, මහවැලි කලාප වල ගොවි ජනතාවට ක්‍රමානුකුලව ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ සඳහා දැනටමත් රුපියල් බිලියන 02ක් අමාත්‍යංශයෙන් එම ප්‍රදේශවලට ලබා දී තිබෙන බවත්, ඉතිරි මුදල් යථාකාලයේ දී යැවීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read 23 times