Saturday, 19 October 2024

තැපැල් ජන්ද පත්‍රිකා තැපෑලට භාර ගැනීම අදින් (26) ඇරඹෙයි Featured

Posted On Monday, 26 August 2024 07:09

තැපැල් ජන්ද පත්‍රිකා තැපෑලට භාර ගැනීම අදින් (26) ඇරඹෙයි

 

2024 ජනාධිපතිවරණයේ තැපැල් ජන්දදායකයින් සඳහා යැවෙන ජන්ද පත්‍රිකාව අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකැට්ටු තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර ගැනීම අද (26) සිට ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ රණසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව සියලුම නියෝජ්‍ය තැපැල්පතිවරුන්, ප්‍රධාන ගණකාධිකාරී සහ ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරුන් ඇතුලු සියලු කාර්යය මණ්ඩලය වෙත තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කරමින් දන්වා ඇත්තේ 2024 ජනාධිපති මැතිවරණයේ කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතු බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (26) සිට ජනාධිපතිවරණ රාජකාරි අවසන් වන තෙක් සියලු තැපැල් කාර්යය මණ්ඩලවල නිවාඩු ලබා ගැනීම් අවලංගු කර ඇති බවයි.

ඊට අදාළ විධිමත් චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව ද වාර්තා වේ.

Read 44 times