Saturday, 19 October 2024

තැපැල් ඡන්දය සලකුණු කිරීමට තවත් දින දෙකක් Featured

Posted On Wednesday, 11 September 2024 08:42

තැපැල් ඡන්දය සලකුණු කිරීමට තවත් දින දෙකක්

 

ජනාධිපතිවරණය 2024 ට අදාළව ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තවත් දින දෙකක් ලබා දීමට පියවර ගෙන තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව, අද (11) සහ (12) යන දෙදින තුළ දී තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකි වේ.

සැප්තැම්බර් 04 වන දා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර සැප්තැම්බර් 05 සහ 06 යන දිනවල දී ද තැපැල් ඡන්ද හිමියන් සිය ඡන්දය සලකුණු කරනු ලැබීය.

Read 19 times