Tuesday, 29 April 2025

තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි Featured

Posted On Friday, 25 April 2025 10:01

තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අදයි.

අප්‍රේල් 28 සහ 29 යන දින දෙකෙහිද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

සිරි දළදා වන්දනාව සඳහා විශේෂ රාජකාරීවල යෙදීසිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර පිහිටුවා තිබේ. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එම පහසුකම් සලසා ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. කෙසේවෙතත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය යළි දීර්ඝ නොකරන බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

Read 12 times