2018 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව අනුව 2018.10.01 වැනි දින සිට සිදු කරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය අවම ගාස්තු සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ල හා යාපනය ප්‍රදේශ ඉළක්ක කර ගනිමින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.
ජල හිඟය නිසා තම වගාවන් කරගත නොහැකිව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව මහත් අපහසුතාවන්ට මුහුණ දී සිටින බැවින් ඔවුන්ගේ වගාවන්ට අවශ්‍ය ජලය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩපිළිවෙලක් ඇරඹීමට තීරණය කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2018 සැප්තැම්බර් 26 දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් හෝකන්දර පොලිස් බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීමක් සිදු කර තිබේ.
2018-09-26 දින සිට 2018-10-02 දින දක්වා දිවයින පුරා ක්‍රියාවට නැංවෙන ජාතික මදුරු මර්දන සතියට සමගාමී ව ඩෙංගු රෝග අවදානමින් දරුවන් රැකගැනීම වෙනුවෙන් පාසල් මට්ටමින් සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
ස්ථාන මාරුවීම් ලබාදී තිබියදිත් නව සේවා ස්ථානයන් හී සේවයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙඳ හෙඳියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මියට දැනුම් දී ඇත.
පිළිකා,වකුගඩු සහ වෙනත් දරුණු රෝග වලින් ඔත්පලව පීඩා විදින රෝගීන් වෙනුවෙන් මධ්‍යම පළාත් සභාව මගින් ලබා දෙන දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කිරීමට යෝජනා වෙයි.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව වඩාත් ක්‍රමවත් කිරීමට අභ්‍යන්තර ගුවන් තොටුපළවල් වන රත්මලාන, මඩකලපුව, පලාලි, සීගිරිය, කොග්ගල හා දිගන යන ගුවන් තොටුපලවල් වඩාත් ඵලදායී ලෙස ගුවන් සේවාව සදහා යොදවා ගැනීමට ක්‍රම උපායන සැලැස්මක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වු විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 25 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 17 ක් විවිධ සංකූලතාවලට ලක් වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදී ඇත.