Saturday, 25 January 2025

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක්

Posted On Thursday, 08 November 2018 05:21

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක්


දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලසහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වලාකුලින් බර ස්වභාවය, තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර් සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලතරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ, මධ්‍යමසහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.