Monday, 21 October 2024
නව පුවත්

2018 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට  2018.07.31  දිව සිට සහ  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට  2018.08.01 දින සිට උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව උසස් පෙළ විභාගයට අදාළව 2018.07.31 දින මධ්‍යම රාත්‍රී සිට 2018.09.01 දින දක්වා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව 2018.08.01 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන දින දක්වා උපකාරක පන්ති පැවත්වීම තහනම් කිරීම් කර තිබේ.

විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.
2013.06.21 දිනැති නිකුත් කරන ලද අංක 1816 ගැසට් නිවේදනය ප්‍රකාරව 1968 අංක 25 ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර තිබේ.

යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය මෙම පනත යටතේ වරදකරුවකු වේ.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම  නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ දෙපාර්තමේන්තුව වෙත පහත දූරකතන අංකවලට පැමිණිලි කළ හැකි වේ.

පොලිස් මූලස්ථානය - 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය 119
ක්ෂණික ඇමතුම් අංකය (වි.දෙපා) 1911
පාසල් විභාග සංවිධාන ශාඛාව - 0112784208/0112784537

Posted On Tuesday, 31 July 2018 05:34

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Tuesday, 31 July 2018 05:32

දකුණු කොරියාවේ රැකියා සදහා බදවාගැනීම් කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පමණක් වන නිසා කොරියානු රැකියා ලබාදෙන බව පවසන වංචනිකයින්ට හසුවී ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය  ජනතාවගෙන් ඉල්ලා සිටී.

Posted On Tuesday, 31 July 2018 05:30

දුම්වැටි අලෙවිය නතර කරන නගර සංඛ්‍යාව 200 දක්වා ඉදිරි වසර තුළ වැඩි වනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Posted On Monday, 30 July 2018 05:37

මිනිස් වෙළඳාමට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම් උත්සවය අද (30) විදුලි සංදේශ ඩිජිටල් පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

Posted On Monday, 30 July 2018 05:35