Monday, 21 October 2024
නව පුවත්

ලබන අගෝස්තු 06 වැනි දා ආරම්භ වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර යවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

Posted On Friday, 20 July 2018 07:36

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

Posted On Thursday, 19 July 2018 06:47

රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මාතර - දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය 21දා සවස 5.06 ට යෙදෙන සුභ මොහොතින් පළමුවෙනි පේළි පෙරහැරත් සමඟ ආරම්භ කෙරේ.
 

Posted On Thursday, 19 July 2018 06:39

ශ්‍රී ලංකාවේ පළමුවරට පවත්වනු ලබන අන්තර්ජාතික මානසික සෞඛ්‍ය සමුළුවේ සමාරම්භක උළෙල, සෞඛය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පැවැත්වේ.
 

Posted On Thursday, 19 July 2018 06:38

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මග පෙන්වීමෙන්  කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ  සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය ඇතිව ​   ​පැවැත්වෙන සංස්කෘතික වැඩසටහන​  ලබන සිකුරාදා (20) පස්වරු 07 ට ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයු​තු​ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.​​​

Posted On Thursday, 19 July 2018 06:37