Sunday, 20 October 2024
නව පුවත්

දිවයිනේ සියලු රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල විභාග ප්‍රතිඵල සනාථ කිරීමේ ක්‍රියාවලිය, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සම්බන්ධ කරගනිමින් මාර්ගගත ක්‍රමයකින් (Online System) සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන දියත් කිරීම ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දී සිදුකෙරුණි.

Posted On Wednesday, 25 April 2018 05:56

මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා දිවයිනේ ක්‍රියාත්මක සියලුම දන්සැල් පරික්ෂා කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Posted On Wednesday, 25 April 2018 05:46

කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද (25) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Wednesday, 25 April 2018 05:43

කොළඹ නගරය ජලභීතිකාවෙන් තොර නගරයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන සුනඛයින් සඳහා ජලභීතිකා මර්දන එන්නත් ලබාදීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි.

Posted On Wednesday, 25 April 2018 05:41

ලෝක මැලේරියා දිනය අදට (25)යෙදී තිබේ. ජගත් ප්‍රජාව මැලේරියා රෝගයෙන් මුළු මහත් මිනිස් සමජය ගලවා ගැනීම උදෙසා පියවර රැසක් ගෙන තිබෙන අවස්ථාවක අද දින ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක මැලේරියා  දිනය ලෙස නම් කර තිබේ.

Posted On Wednesday, 25 April 2018 05:38