Monday, 03 February 2025

කාලගුණ තත්ත්වයේ වෙනසක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Wednesday, 25 April 2018 05:43

කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද (25) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු වේ.

නිරිත දිග සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.