Saturday, 19 October 2024
නව පුවත්

තොරතුරු සමාජ ගත කළ හැකි ප්‍රමුඛතම මාධ්‍යයක් වන වීදි නාට්‍ය මඟින් ජනතාව දැනුවත් කරමින් වත්මන් සමාජයේ බහුලව සිදු වන ළමා අපයෝජයන් වැළැක්වීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.

Posted On Friday, 15 September 2017 04:44

සෑම වසරකම සැප්තැම්බර් තෙවන සතියේ සෙනසුරාදාට යෙදෙන අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමඟාමීව ක්‍රියාත්මක කරනු ලබන ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය හා වෙරළ පවිත්‍රා දින ජාතික සැමරුම් උත්සවය අද (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයෙන් ආරම්භ කෙරේ.
 

Posted On Friday, 15 September 2017 04:42

ලංකා ජාතික ඡායාරූප කලා සංගමය සංවිධානය කරන 18 වන අන්තර්ජාතික ඡායාරූප ප්‍රදර්ශනය අද සිට 15 දින සිට කොළඹ දී ආරම්භ වෙයි. සැප්තැම්බර් මස 15 16 හා 17 දිනවල කොළඹ -7 ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වීමට නියමිත එහි සමාරම්භක උත්සවය  ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලිනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය සෝමරත්න බාලසූරිය  මහතාගේ සහ කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ ගෞරවනීය සහභාගිත්වයෙන් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

Posted On Friday, 15 September 2017 04:39

දිවයින හරහා(විශේෂයෙන්උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වල)සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ තරමක වැඩිවීමක්  හෙට සිට (16)  බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Friday, 15 September 2017 04:37

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් ගාල්ල, මාතර, කෑගල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික් 05ට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.
 

Posted On Thursday, 14 September 2017 05:59