Saturday, 19 October 2024
නව පුවත්

මෙරට වැඩිම මාර්ග තදබදයක් තිබෙන මාළබේ  සිට පිටකොටුව දක්වා වූ මාර්ගයේ පොල්දූව පාලමේ  සිට බොරැල්ල දක්වා වූ කොටසේ බස් මංතීරු ක‍්‍රමය ඊයේ (29) උදෑසන 6.00 සිට 9.00 දක්වා ක්‍රියාත්මක කරනු ලබන බව ඇමති පාඨලී චම්පික සඳහන් කරයි. බොරැල්ල මරදාන මාර්ගය මේවන විට පිළසකර කරමින් පවතින අතර නොවැම්බර් මාසයේදී, බොරැල්ලේ සිට මරදාන දක්වා උදෑසන 6.00 සිට 9.00 වන තෙක් ස්ථාවර බස් මංතීරුවක් ආරම්භ කිරීමට කටයුතු   කරන බවත් හෙතෙම පැවසීය.
 

Posted On Wednesday, 30 August 2017 05:01

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන ආධුනික ගුවන් විදුලි ක්‍රියාකරවන්නන්ගේ ප්‍රවීණතා සහතිකය සඳහා වූ පරීක්ෂණය - 2017  සඳහා අයඳුම්පත් කැඳවීම ගැසට් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම පරීක්ෂණයේ අයදුම්පත් භාර ගැනීම ලබන මස 08 වැනි දිනෙන්  අවසන් වේ.

Posted On Tuesday, 29 August 2017 05:36

මිරිහාන පොලිස් වසමේ කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් දළඳා පෙරහර සැප්තැම්බර් 01දා සහ 02දා පස්වරු 7.30සිට වීථි සංචාරය කරන බැවින් එම ප්‍ර දේශයේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බවත් එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 

Posted On Tuesday, 29 August 2017 05:34

අගෝස්තු 31සිට සැප්තැම්බර් 02දා දක්වා උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

Posted On Tuesday, 29 August 2017 05:33

මත්පෙති සහ මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශවල මෙහෙයවීමෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
 

Posted On Friday, 25 August 2017 05:09