Saturday, 19 October 2024
නව පුවත්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමන ලද රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2016 (2017) විභාගය ලබන 23 වැනි දා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා  සඳහන් කරයි.

Posted On Tuesday, 18 July 2017 05:20

අන්තර්ජාලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් 2017 වර්ෂයේ ජනවාරි මාසයේ  සිට ජුනි මාසය දක්වා කාලය තුල පැමිණිලි 1600 ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පවසයි.

Posted On Monday, 17 July 2017 04:43

“ඩෙංගු වනසමු... රටම සැනසෙමු...“  යන තේමාව යටතේ රජය විසින් ආරම්භ කර ඇති ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන 351ක් අවට ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඊයේ (16) සිට ආරම්භ කෙරිණි.

Posted On Monday, 17 July 2017 04:41

"අපිම අරඹමු- ඩෙංගු දුරලමු- ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු" ජාතික වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන අද (12) පෙ.ව. 9.00 සිට පෙ.ව.11.00 දක්වා සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවි විකාශනය වේ.

Posted On Wednesday, 12 July 2017 07:02

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, ඌවසහඋතුරු-මැදපළාත්වල ස්ථාන කිහිපයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

Posted On Wednesday, 12 July 2017 06:44