Saturday, 19 October 2024
නව පුවත්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් වාර්ෂිව ක්‍රියාවට නංවනු ලබන මාධ්‍ය වේදී පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීමේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව - 2017 වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
 

Posted On Tuesday, 27 June 2017 06:35

ඩෙංගු වසංගතය පාලනය කිරිම සදහා බදාදා (28) සිට සති දෙකක කාලයක් ජනතා සහභාගීත්වයෙන් පිරිසිදූ කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Posted On Tuesday, 27 June 2017 06:33

මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමා සහිත Celogen Lanka  ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් (26) දින පෙරවරුවේ විවෘත කෙරිණි.

Posted On Tuesday, 27 June 2017 06:31

මෑත කාලයේ දී මෙරට ළමුන් ඇතුළු තරුණ තරුණියන් දුම්රියට ගෙළ තබා සිය ජීවිතය අහිමි කර ගත් අවස්ථා පිළිබඳ ව ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ ජාලා මාධ්‍ය හරහා බොහෝ අසන්නට දකින්නට ලැබෙන බැවින් මෙවැනි සියදිවි නසා ගැනීමේ සිදුවීම්වලට ජනමාධ්‍ය හා ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම මඟින් සිදු වන්නේ සමාජයෙන් යටපත් කළ යුතු සියදිවි නසා ගැනීමේ සිඳුවීම් තවදුරටත් සමාජයේ ප්‍රචලිත වීම බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
 

Posted On Tuesday, 20 June 2017 05:41

විශේෂයෙන් උදෑසන සහ රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Friday, 16 June 2017 06:34