Saturday, 01 February 2025

කොළඹ කොටස් වෙළඳපළ දෛනික පිරිවැටුම රුපියල් ට්‍රිලියන 4 ඉක්මවමින් වාර්තාගත තත්වයක

Posted On Tuesday, 05 January 2021 07:16

කොළඹ කොටස් වෙලදපළේ දෛනික පිරිවැටුම අද මධ්‍යහන වනවිට රුපියල් ට්‍රිලියන හතර ඉක්මවාගොස් තිබිණි. මෑතක දී කොටස් වෙළඳපල මෙතරම් දෛනික පිරිවැටුමක්  පෙන්නුම් කළ ප්‍රථම අවස්තාව මෙය වේයි. අද (5) පෙරවරු 10.00 වනවිට රුපියල් ට්‍රිලියන 3 ක පිරිවැටුමක් පෙන්නුම් කළ අතර දහවල් 12 පසුවනවිට එය රුපියල් ට්‍රිලියන 4 ඉක්මාවා යාමද විශේෂත්වයකි.බැංකු පොලී අනුපාතය අඩුවීම හා විකල්ප ආයෝජන අවස්ථා පදනම් කරගනිමින් ආයෝජකයින් කොටස්   මිල දී ගැනීමට පුරුදු  වී සිටියි .පස්වරු එක  වනවිට සමස්ත ගණුදෙන සංඛ්‍යාව විසි පන්දහස (25000 ) ඉක්මවූ අතර ඉසුරුමත් සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයින් තුල දැඩි නැඹුරුවක් දක්නට ලැබිණි.සියලු කොටස් මිල දර්ශකය එකක 82කින් හා මිලංකා දර්ශකය එකක 21කින් ඉහලගොස් තිබේ.