Sunday, 02 February 2025

කොවිඩ් 19 අවදානම පවතින තවත ග්‍රාම නිලධාරී වසම් දෙකක එන්නත්කරණය අරඹයි

Posted On Wednesday, 17 March 2021 08:55
 
 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවූ නවතම රට බවට නෙදර්ලන්තය පත්ව තිබෙනවා.

ඒ, සිට රට තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවට නෙදර්ලන්තය ඊයේ ප්‍රකාශ කිරීමත් සමගයි. එන්නත භාවිතයෙන් සිදුවිය හැකි අතුරු ආබාධ පිළිබඳ සැලකිලිමත් වී එම තීරණයට එළඹි බවයි නෙදර්ලන්තය පවසන්නේ.

අවම වශයෙන් මාර්තු 29 වන දා තෙක් පූර්වාරක්ෂාව වෙනුවෙන් එම තීරණය ක්‍රියාත්මක කරන බව ද නෙදර්ලන්තය ප්‍රකාශ කළා.

එන්නත පිළිබඳ කිසිදු සැකයකට ඉඩ දිය නොහැකි බවත්, සියලු දේ නිවැරදිව සිදුකළ යුතු බවත්, නෙදර්ලන්තයේ සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

එබැවින් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීම මේ මොහොතේදී සුදුසුම තීරණය බවයි නෙදර්ලන්තය පෙන්වා දෙන්නේ. කෙසේවෙතත්, මෙම තීරණය හේතුවෙන් නෙදර්ලන්තයේ එන්නත්කරණ වැඩපිළිවෙළට බාධා එල්ල වී ඇතැයි විදෙස් වාර්තා අනාවරණ කළා.

මේ අතර ඉකුත් දා අයර්ලන්තය ද සිය රට තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඒ, එන්නත ලබාගත් වැඩිහිටියන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ නෝර්වේ රාජ්‍යයෙන් වාර්තාවීමත් සමගයි. මේවනවිට රටවල් කිහිපයක්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම රටවල් අතරට ඩෙන්මාර්කය, නෝර්වේ රාජ්‍යය, බල්ගේරියාව, අයිස්ලන්තය හා තායිලන්තය ද අයත්. කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හිටුවීමට තරම් තත්ත්වයක් මේවනතෙක් උද්ගතවී නොමැති බවයි

Posted On Tuesday, 16 March 2021 04:10

කොළඹ නගර සීමාවේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කොවිඩ් එන්නත ලබාගැනීමට ස්වයංක්‍රීයව වේලාවක් වෙන්කර ගැනීමට පහසුකම්

Posted On Monday, 15 March 2021 06:20

පාසල් අද ආරම්භ වෙයි

Posted On Monday, 15 March 2021 06:15

අවුරුදු 60 වැඩි වැඩිහිටියන් හට එන්නත් ලබා දීම අරඹයි

Posted On Saturday, 13 March 2021 14:31

Whats New

Blog listing ad