දුම්රිය ගමන් වාර ඉහළ දැමීමට පියවර
කොළඹ කොටස් වෙලදපළේ දෛනික පිරිවැටුම අද මධ්‍යහන වනවිට රුපියල් ට්‍රිලියන හතර ඉක්මවාගොස් තිබිණි. මෑතක දී කොටස් වෙළඳපල මෙතරම් දෛනික පිරිවැටුමක් පෙන්නුම් කළ ප්‍රථම අවස්තාව මෙය වේයි. අද (5) පෙරවරු 10.00 වනවිට රුපියල් ට්‍රිලියන 3 ක පිරිවැටුමක් පෙන්නුම් කළ අතර දහවල් 12 පසුවනවිට එය රුපියල් ට්‍රිලියන 4 ඉක්මාවා යාමද විශේෂත්වයකි.බැංකු පොලී අනුපාතය අඩුවීම හා විකල්ප ආයෝජන අවස්ථා පදනම් කරගනිමින් ආයෝජකයින් කොටස් මිල දී ගැනීමට පුරුදු වී සිටියි .පස්වරු එක වනවිට සමස්ත ගණුදෙන සංඛ්‍යාව විසි පන්දහස (25000 ) ඉක්මවූ අතර ඉසුරුමත් සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයින් තුල දැඩි නැඹුරුවක් දක්නට ලැබිණි.සියලු කොටස් මිල දර්ශකය එකක 82කින් හා මිලංකා දර්ශකය එකක 21කින් ඉහලගොස් තිබේ.
කොළඹ මහජන පුස්තකාලය පාඨකයින්ට විවෘත වෙයි
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට (5) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, දෙදින නිල සංචාරයක් සඳහා විදේශ අමාත්‍යවරයා එලෙස දිවයිනට පැමිණෙන බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ ගැටලුව හා ත්‍රිකුණාමල වාරයේ සංවර්ධන කටයුතු පිලිබඳ සාකච්ජා කරනු ඇති බවට තහවුරු කර නොමැති අතර. අමාත්‍ය එස්. ජයශංකර් මහතා මෙම සංචාරයෙදී ජනාධිපති අගමැති ඇතුළු රජයේ ඉහළපෙලේ නියෝජිතයින් හමුවීමට ද නියමිත බව රජයේ ආරංචිමාර්ග තහවුරු කර තිබේ.